

මස්කෙළිය පොලිස් වසමට අයත්, මෝකා තේ වතුයායේ, යුකලිප්ටස් වගාවේ ඉකුත් (17) දා දහවල් ඇතිවූ ගින්නක්, එම වතුයායට ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතය දක්වා පැතිරගොස් අක්කර 05 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.
ප්‍රදේශයට පවතින වියළි කාලගුණය හා සුළං තත්වය නිසා ගින්න සීඝ්රයෙන් පැතිර ගිය බවත්, ගින්න පැවති ස්ථානය ගල් පර්වතයක් සහිත අති දුෂ්කර ස්ථානයක් නිසාත් එහි ළඟා වීම ඉතා අසීරු වූ නිසා මාවුස්සාකැලේ යුද හමුදා කඳුවුරේ හා කොටගල ශ්‍රීලංකා යුද හමුදාවේ 581 බල සේනා මූලස්ථානයේ යුද හමුදා නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ රිකාටන් කඳවුරේ නිලධාරින් සමග වන සංරක්ෂණ නිලධාරින්ද එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න දින තුනකට පසුව නිවා දැමීමට කටයුතු කළ බවත් හැටන් අඩවි වන නිලධාරී බී.එච්. සුජිත් අජන්ත මහතා පැවසීය. මෙම ගින්න ඉකුත් (17) දා සිට පෙරේදා (20) දක්වා කඩින් කඩ ඇවිලෙමින් තිබුණි.
මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් ලඳු කැළෑ, මානා පතන් හා රක්ෂිත වලට ගිනි තැබීමට පටන් ගෙන ඇති බවත්, එම ක්‍රියාවන් වැළැක්වීම සඳහා වතු ආශ්‍රතිව පදිංචි කම්කරුවන් දැණම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවත් පවසන අඩවි වන නිලධාරි සුජිත් අජන්ත මහතා, ලබා දෙන උපදෙස් පිළිනොපදිමින් ගිනි තැබීම් කටයුතු වල නිරතවන පුද්ගලයින්ට එරෙහිව පොලීසියේද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව වැඩිදුරටත් කීය.
මධ්‍යම කඳුකරයේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලවිදුලිබලාගාර පෝෂක ප්‍රදේශවල පිහිටි ලඳු කැළෑ හා මානා පතන් වලට පසුගිය දින කීපය තුල ඇතැම් පිරිස් විසින් ගිනි තබා ඇති අයුරු දක්නට ලැබුණි
– Advertisement –

