32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසී

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක ගොවි නියෝජිතයෝ යෝජිතයෝ 22 දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අලි මිනිස් සුරක්ෂිතය සහ ගොවි සංවිධාන එක්ව මෙය සංවිධානය කොට තිබිණි.
දඹුල්ල ගම්මුදාව භූමියට ඒකරාශි වූ දිවයිනේ පළාත් රැසක් නියෝජනය කළ ගොවි ගෙවිලියෝ පිරිස විරෝධතා බැනර් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් විවිධ සටන් පාඨ කියමින් දඹුල්ල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පුර්නෙන්ම ඔවුන් සතුකරගෙන නගරය දක්වා විරෝධතා පෙළපාළියේ ගමන් කරන්නට වූහ.


ඇතැම් ගොවීහු විරෝධතාව බැනර් ප්‍රදර්ශනය කරමින් උඩුකය නිරුවත්ව අඹුඩය ගසාගෙන මාර්ගයේ ගමන් කිරීමද විශේෂත්වයකි .තවත් පිරිසක් ටැක්ටර් රථවලින් කෙසෙල් කඳන් සහ අලිබෙටි ‍ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයේ ගමන් කරනු දැක ගැනීමට හැකි විය.
විරෝධතාවය පවතින අවස්ථාවේදී සහ පෙළපාළියේ ගමන් කරන අවස්ථාවේදී දඹුල්ල පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් එම ස්ථානයට යොදවා තිබිණි.
දඹුල්ල ඔරලෝසු කණුව ඉදිරිපිට පැමිණි ගොවීන් කණ්ඩායමක් තමා අත ඇති විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔරලෝසු කණුව වටා වළල්ලක් සේ රැස්වී සිටි අතර අනෙක් පිරිස ප්‍රධාන මාර්ගයේ එක පසෙකට වී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වන්නට වූහ.


මෙහිදී අලි මිනිස් සුරක්ෂිත සංවිධානයේ ජාතික සංවිධායක ටි .බී .සරත් මහතා කියා සිටියේ දීවයින පුරා විසිරී සිටින ගොවි නියෝජිතයන් දඹුල්ල නගරයට පැමිණ රජයට බල කරමින් කියා සිටින්නේ මෙරට වන අලින් සහ මිනිසුන් අතර පවතින ගැටළුවට සහ ගැටුමට විද්‍යාත්මක උත්තරයක් අවශ්‍ය බවය .එසේ නොමැතිව රජය විවිධ ක්‍රියාකාරකම් සිදුකරමින් සිටින බවද ඔහු චෝදනා කළේය. ඉදිරියේදී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා මාධ්‍ය අමතමින් කීවේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේමෙම ගොවි ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අලියා වඳුරා , දඬුලේනා ,ඌරා, ඉත්තෑවා ,මොණරා ආදී සතුන් සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවී තිබෙන බවය .වනසතුන්ගේ වනපෙත් ඔවුන්ට ලබා දී මිනිසුන් අතර පවතින ගැටුම නිරාකරණය කළ යුතු බවය .ආණ්ඩුව මේ වන විට අවශේෂ කැලෑ අත්පත් කරගනිමින් ඉතා සූක්ෂම ලෙස ඉඩම් මංකොල්ලයක් ලෙස ක්‍රියාත්මක කරන බවටද චෝදනා කළේය. වහාම අවශේෂ කැලෑ නමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම ආණ්ඩුව නවතා දැමිය යුතු බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.


මෙම අවස්ථාවේදී හම්බන්තොට ගොවීන් නියෝජනය කරමින් පැමිණි ගොවි නායකයකු වූ සුනිල් රත්නායක මහතා කියාසිටියේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා දඹුල්ලේ දී පැවැත්වෙන මෙම විරෝධතාවයට තමන් හම්බන්තොට සිට පැමිණි බවය. පසුගිය මාසයේ 18 වෙනි දින හම්බන්තොට වන හපුගල දී ගොවි ජනතාව සමග මේ වන විටත් උපවාසයක් ආරම්භ කොට තිබෙන බව ය එම උපවාසයට ද මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නැති බව පෙන්වා දුන් සුනිල් රත්නායක මහතා කියා සිටියේ ඉදිරියේදී එම උපවාසය ‍ මාරාන්තික සත්‍යග්‍රහයක් දක්වා වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය .හම්බන්තොට දිස්ත්‍රික් මහ පරිමාණ කණ්ඩායම් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් සිදු කරමින් ගස් කැපීම කැලෑ හෙළිකිරීම පස් කැපීම ආදී ක්‍රියා නිසා ගොවීන් හා අලින් අතර ගැටුමක් නිර්මාණය වී තිබෙන බවය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -