

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (23) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 08 දෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් කල්පා කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු සහ කම්කරුවන් 02 රෝහල් ගත කල බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, කම්කරුවන් දෙදෙනා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
ග්‍රේට්වෙස්ටර්න් තේ වතු යායේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවෙකුගේ පයට පැගිමෙන් ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය පරික්ෂණ පවත්වයි.
– Advertisement –

