

පාස්කු ඉරුදින ප්රහාරයට තමා සම්බන්ධ බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළ ද ජනතාව විසින් තමන් නිර්දෝෂි අයෙකු ලෙස පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඔහු ප්රකාශ කළේ ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් විසින් තමා වැරදිකරුවෙකු ලෙස හුවා දැක්වීමට ක්රියාකරන බවය.
“ජනතාව පිළිගත්තේ නැත්නම් මම වන්නි දිස්ත්රික්කයේ පළවෙනියා විදිහට එන්න පුළුවන්ද? ජාතිවාදය අවුස්සලා මේ රට විනාශ කරලා රටේ තියෙන සහජීවනය නැති කරන පොඩි කණ්ඩායමක් ඉන්නවා. සිංහල, මුස්ලිම් සහ දෙමළ ජනතාව තාම ඒ අයව පිළිඅරගෙන නෑ. වොයිස් කට් කාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා මේ රටේ. කාදිනල්තුමා ඉල්ලීමක් කළා ජනතාවගෙන් ඒ වෙලාවේ. නීතිය අතට ගන්න එපා කියලා. ඒ වෙලාවේ කාදිනල්තුමාගේ ඒ ඉල්ලීම අදත් අපි අගය කරනවා.” යනුවෙන් ද බදියුදීන් මහතා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා ප්රකාශ කළේ පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන සිදුකළ කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීමට මුස්ලිම් ප්රජාවගේ ද සහයෝගය ලබාදෙන බවය.
“කාලය ගන්න කොමිසම් දානවා. දැන් ඒකනේ අපේ කාදිනල්තුමාටත් එපා වෙලා තියෙන්නේ. යම් නිගමනයක් ආවා නම් නිගමනය උඩ ඕන වැඩක් කරන්න. අපිත් සහයෝගය දෙන්න කැමතියි. මේ රටේ ත්රස්තවාදයට අපි කැමති නෑ. ත්රස්තවාදය තුරන් කරන්න මේ රටේ මුස්ලිම් ජනතාව කැමැත්තෙන් ඉන්නවා. අපි අතර කවුරුහරි අන්තවාදීන් හිටියා නම් ඒ ගැන බලාගන්න අපිට පුළුවන්. දැන් ඒකෙන් වක්රව කියන්නේ අපි ඔක්කොම අන්තවාදීන් කියන එකද?. මොන බොළඳ කතා ද මේ.” යනුවෙන් රවුෆ් හකීම් මහතා පැවසීය.
– Advertisement –

– Advertisement –
