

දඹුල්ල නගර ආසන්නයේ පිහිටා ඇති ඉතා සුන්දර පහලවැව ජලජ ශාක වලින් පිරී ඉතිරී ගොස් තිබීම හේතුවෙන් ගම්වාසීන් දඹුල්ල පොලිසිය පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායම් ඒකරාශී වී ගම්මුන්ට දියනෑම සඳහා ජලජ ශාක ඉවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් 23 දින දවස පුරා ක්‍රියාත්මක විය.
විශාල පිරිසක් මෙම වැවෙන් දිය නෑම සහ ජල අවශ්‍යතා සපුරා ගත්තද වසර කිහිපයක සිට ජලජ ශාක ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවට මෙම වැවෙහි ජලය භාවිතා කිරීමට නොහැකි වී තිබිණි.
පසුව දඹුල්ල පහලවැව ගම්වාසීන් පහලවැව සණස සමිතිය සහ ගමේ ස්වෙච්ඡා සංවිධාන මේ බව අවස්ථා ගණනාවක දී දේශපාලන අධිකාරියට රාජ්‍ය නිලධාරින්ට වගකිවයුතු ආයතන වලට වසර ගණනාවක් තිස්සේ වාචිකව හෝ ලිඛිතව දැනුම් දුන්න ද කිසිදු අයගේ අවධානය යොමු වී නොතිබිණි.
පසුව මෙම ජනතාව පහලවැව සණස සමිතිය සණස සතිය සැමරීමට සමගාමිව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතාට තම වැවේ ඉතා සීමිත කොටසක් හෝ ජලජ ශාක ඉවත් කිරීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා තිබේ .
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධාන උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා සමඟ සාකච්ඡා කොට පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම් මෙන්ම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ගම්මුන්ගේ සහයෝගය ඇතිව ගමේ ජනතාවට සහ පිට පළාත්වලින් පැමිණෙන ජනතාවට පහළ වැවේ දිය නා ගැනීමට අවැසි වීශාල ප්‍රමාණයක් ජලජ ශාක ඉවත් කිරීමේ එක්දින වැඩපිළිවෙළක් සූදානම් කොට තිබිණි.
මෙම අවස්ථාවේදී දඹුල්ල පහලවැව සණස සමිතියේ සභාපති නීතිවේදී කේ ,ජි ,විජේරත්න ,ගොවි සංවිධාන හා ගමේ අනෙකුත් ස්වෙච්චා සංවිධාන වෙනුවෙන් වී ,ජි .දයාරත්න මහතා ඇතුළු ගම්මුන් හා ලයන් හාට් තරුණ සංවිධානයේ සාමාජික යන්ද එක්ව සිටියහ .
– Advertisement –

