

මෙරට වගා කිරිම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් ජර්මනියෙන් ගෙන්වා තිබූ බීජ අර්තාපල් අල කිලෝ ලක්ෂ විසි පන්දහසක් පමණ ප්‍රමාණයක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශකිරීම 23 දින දවස පුරා දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගනයේ දී සිදු කෙරිණි .
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ සහ සෞඛ්‍ය අංශ වල සෘජු අධීක්ෂණය යටතේ ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් බීජ තොගය ගෙන් වූ ්‍යාපාරික සමාගම ,වරාය අධිකාරියේ රෙගු නිලධාරීන් නැව් සමාගමේ නිලධාරින් ඉදිරියේ මෙම අර්තාපල් බීජ තොගය විනාශ කෙරිණි.
ජර්මනියෙන් සිට මෙරටට ගෙන්වා තිබූ කන්ටේනර දාසයක් වූ බහාලුම් වල තිබුණු බිජ අර්තාපල් ටොන් 223 ක ප්‍රමාණයක් මෙරටදී පරික්ෂා කිරීමේදී ශාක නිරෝධායන නිලධාරින් විසින් නිර්දේශ කොට ඇත්තේ මෙම අර්තාපල් බීජ මෙරට වගා බිම් වල වගා කිරීම සඳහා අනුමත කිරීමට නොහැකි බවය ප්‍රමාණයට වඩා දිලීර රැසක් පවතින බව අනාවරණය වීම හේතුවෙන් මේවා සියල්ල සියට සියක් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව විනාශ කිරීමට නිලධාරීන් තීරණය කොට තිබේ.
ඒ අනුව කොළඹ වරායේ සිට කන්ටේනර් රථ දාසයකින් මෙම බීජ අර්තාපල් අල දඹුල්ල මහනගර සභාවේ පවත්වාගෙන යන කාබනික කසල අංගනයට රැගෙනවිත් දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ අධික්ෂණය යටතේ වලවල් කපා කම්කරුවන් යොදා සියයට සියයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ කටයුතු සිදු කළ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා අප සමඟ පැවසීය.
ජර්මනියේ සිට මෙරටට බීජ අර්තාපල් අල ගෙන්වා තිබූ ඇසුරුම් පෙට්ටිය පවා වළවල් කපා ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මෙහිදී සිදු කරනු ලැබීය.
දඹුල්ලේ පිහිටා ඇති කසල අංගනය මේ සඳහා යොදාගෙන ඇත්තේ එහි සිදු කෙරෙන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන නිසාවෙන් බවත් සියයට සීයක් විනිවිද භාවය ක් ඇතිව කටයුතු කිරීම නිසාවෙන් බව ද එම විශ්වාසය ඒ ආකාරයෙන්ම තබා මෙරටට නුසුදුසු බව කියූ බීජ අර්තාපල් සියල්ල විනාශ කර දැමීමට හැකි වූ බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
– Advertisement –

