

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම් සභා වාර්තාව මගින් චෝදනා ඉදිරිපත්කර තිබෙන පිරිස සැලකීමේදී මෙම ප්‍රහාරය සිංහල බෞද්ධ ජනතාව විසින් සැළසුම්කර සිදුකරන ලද ප්‍රහාරයක් ලෙස ජත්‍යන්තරය තුළ වැරදි ආකල්පයක් ජනිත විය හැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
මෙම ප්‍රහාරය පිටුපස සිට අන්තවාදය ප්‍රවර්ධනය කරමින් ඊට අනුබල දුන් පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම කොමිෂම මගින් අපේක්ෂා කළත් එවැන්නක් එමඟින් සිදු නොවුණු බවද උන්වහන්සේ කීහ.
කොමිෂන් වාර්තාව සම්බන්ධව අදහස් දක්වමින් ආනන්ද නාහිමියෝ ඊයේ (24) එම විහාරස්ථානයේදී මේ බව ප්‍රකාශ කළහ.
හිටපු ජනපති,ආරක්ෂක ලේකම්,පොලිස්පති ඇතුළු පිරිසකට දඬුවම් නිර්දේශ කරන අතර බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමටත් කොමිසම යෝජනා කර තිබෙන බවත් පාස්කු ප්‍රහාරයට පෙර සිටම අන්තවාදී සංවිධාන මේ ආකාර ම්ලේච්ඡ ක්‍රියාවලට යොමු වෙමින් තිබෙන බව පෙන්වා දුන්නේ බොදුබල සේනා සංවිධානය බව අප අමතක නොකළ යුතු බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරි නාහිමියෝ පැවසූහ.
මාවනැල්ල ආදි ප්‍රදේශයන්හි බුදුපිළිම වලට ප්‍රහාර එල්ල කළ ම්ලේච්ඡයින් සම්බන්ධව කොමිසම කිසිදු අවධානයක් යොමුකර නොමැති බවත් මෙම වාර්තාව මගින් මෙරට සිංහල බෞද්ධයින්ට පමණක් බරපතල චෝදනා එල්ල කිරීම නිසා ජත්‍යන්තරය තුළ සිංහල ජනතාව සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් මතුවීම වැලැක්විය නොහැකි බවත් උන්වහන්සේ කීහ.
– Advertisement –

