32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ශ්‍රී ලාංකික සියළුම ජාතීන්ට සියළු අයිතිවාසිකම් සමග ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතුයි – මහාචාර්ය සන්ගරන් විජේසන්දිරන්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ඒකීය ශ්‍රීලංකාව තුළ ජීවත්වන සියළුම ජාතීන්ට සියළු අයිතිවාසිකම් සමග ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු බවත්, එහිදී සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා උප ජනාධිපතිවරුන් තිදෙනෙක් පත් කරන ලෙසත්, කඳුරට, උතුරු නැගෙණහිර හා මුස්ලිම් ජනතාව නියෝජනය වන පරිදි එම උප ජනාධිපතිවරුන් නම් කරන ලෙස ඉල්ලා ඇති බවත්, කඳුරට ජනතා පෙරමුණේ මහ ලෙකම් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සන්ගරන් විජේසන්දිරන් මහතා පැවසීය.
එසේ උප ජනාධිපතිවරුන් නම් කළද විධායක බලය සහිත එක් ජනාධිපතිවරයෙක් රටේ සිටින බවද අප පිළිගන්නා බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහිඳියාව පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් මහාචාර්ය සන්ගරන් විජේසන්දිරම් මහතා පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අද (24) දා නුවරඑළියේදී මාධ්‍යට අදහස් දක්වමින් මහාචාර්ය සන්ගරන් විජේසන්දිරන් මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංහිඳියාව පිළිබඳ කාරක සභාව මාගේ මූලිකත්වයෙන් නැවත එම කාැක සභාව හමුවීමට අවස්ථාවක් ලැබුණ බවත්, ඒ අනුව කඳුරට ජනතා පෙරමුණ ලෙස අපි මෑතකදී දේශපාලන කමිටුව හමුවී අපගේ අදහස් ඉදිරිපත් කළෙමු. මෙම අවස්ථාවේ දී ඔවුන් ඉදිරිපත් කළ අපගේ අදහස් පිළිබඳව උනන්දුවෙන් පැහැදිළි කිරීම් ඉල්ලා සිටියහ..ඔවුන් අප පක්ෂයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතාගෙන් ඉල්ලා සිටියේ, අප ඉදිරිපත් කළ බොහෝ අදහස් අළුත් ඒවා බවත්, වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් එමඟින් අපගේ කණ්ඩායම සමඟ නැවත වරක් හමුවීමට කාලය වෙන් කළ හැකි බවත්ය.”
“අප පක්ෂයේ නායකයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් මගේ සභාපතිත්වය යටතේ පිහිටුවා ඇත. කඳුරට ජනතා පෙරමුණේ උප සභාපති ඒ.ලෝරන්ස් යන නියෝජ්‍ය නායක සිවලිංගම් සතීස්කුමාර් මහතා හා මහත්වරුන් ඒ කමිටුවේ අනෙක් සාමාජිකයින්ය. කඳුරට ජනතාව පිළිබඳ අපගේ අදහස් පමණක් නොව, ශ්‍රී ලංකාවේ වෙසෙන සුළුතර දෙමළ ජනයා, කඳුකර දෙමළ ජනයා, උතුරු- නැගෙණහිර දමිළ ජනතාව සහ මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්න අපි එහිදී ඉදිරිපත් කළා.”
“කඳුරට ජනතා පෙරමුණ සම්බන්ධයෙන් ගත් කළ 1989 වසරේ දී අභාවප්‍රාප්ත නායක පෙරියසාමි චන්ද්‍රසේකරන් මහතා සමඟ අප මෙම පක්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් සුළු ජාතීන් සියලු දෙනාගේ ප්‍රශ්න ජාත්‍යන්තර තලයට ගෙන යාමට ඇප කැපවී කටයුතු කළා. ශ්‍රී ලංකාවේ සිටින සියළුම සුළු ජාතීන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ කාලේදි අප රටේ පැවති යුධ තත්වයද සමග අපේ ඇතැම් පාක්ෂිකයින් සැකපිට අත්අඩංවගුවට ගැනීම් සිදු වුණා. නමුත් ජාතිවාදී නොවන අපේ අරමුණ අප අත් නොහැර ඉදිරියට ගියෙමු. අපේ බලාපොරෝත්තුව ඒකීය ශ්‍රීලංකාවක් තුළ සියළුම දෙනාට සියළු අයිතිවාසිකම් සමග ජීවත්වීමට අවකාශය දීමට රජය කටයුතු කළ යුතු බවයි. රජයේ මැදිහිත්වීම අවශ්‍ය බව පවසමින් මෙම යෝජනා ඉදිරිපත් කළෙමු. අප කිසි විටෙකත් අපගේ ප්‍රතිපත්තියෙන් වෙනස්වී කටයුතු නොකළෙමු. ඒකීය ශ්‍රීලංකාව තුළ ශ්‍රීලංකාවේ ජීවත්වන සියළුම ජාතීන් සියළුම අයිතිවාසිකම් සමග ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතුය. එහිදී සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා උප ජනාධිපතිවරුන් තිදෙනෙක් පත් කරන ලෙස අපි යෝජනා කළා. කඳුරට, උතුරු නැගෙණහිර හා මුස්ලිම් ජනතාව නියෝජනය වන පරිදි එම උප ජනාධිපතිවරුන් නම් කරන ලෙසද අප ඉල්ලා ඇත. එසේ අප ජනාධිපතිවරුන් නම් කළද විධායක බලය සහිත එක් ජතාධිපතිවරයෙක් සිටින බවද අප පිළිගන්නනෙමු. අධිකරණයේදී නඩු කටයුතු මෙහෙයවීමේදී සිංහල, ඉංග්‍රීසි භාෂාව මෙන්ම දෙමළ භාෂාවෙන්ද කටයුතු කළයුතුය යන යෝජනාව අපි මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කරනවා. නඩු මෙහෙයවීමේදී දමිළ ජනතාවට අධිකරණ කටයුතු පිළිබඳව මේ වන විට හොඳ අවබෝදයක් නොමැති නිසා එය සුළු ජාතීන්ට ඉතා වැදගත් යෝජනාවක් බව අපි සිතනවා. තවද සංඥා භාෂාව හසුරුවන නිලධාරීන් රජයේ සෑම කාර්යාලයකම සේවයට යෙදවීමෙන් විශේෂ අවස්ථා ඇති ජනතාවට විශාල පිටුවහලක් වන බව යෝජනා කර සිටිනවා.”

“කඳුරට ජනතා පෙරමුණේ වත්මන් අපේ නායක වේළුසාමි රාධක්‍රිෂ්ණන් මහතා උඩරට දේශපාලන වශයෙන් පළපුරුදු එකම නායකයාය.මම අනෙක් නායකයින් අවතක්සේරු නොකරමි. නමුත් අත්දැකීම් වලින් අපේ නායකයා මුලින්ම සිටින බව පැවසිය යුතුයි. අපගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ හැක්කේ අප සියල්ලන්ම එකට එකතු වුවහොත් පමණි. එබැවින් අප වැනි උඩරට සිටින දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සමාජ ක්‍රියාකාරීන්, තරුණ හා උඩරට කාන්තාවන් ඔවුන්ගේ අදහස් මෙම දේශපාලන විශේෂඥයින්ගේ කණ්ඩායමට ඉදිරිපත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
දේශපාලන ප්‍රතිසංස්කරණ විශේෂඥයින්ගේ මණ්ඩලය සුළුතර ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන්න තිබෙනවා. අපේ අපේක්ෂාව වන්නේ මෙම නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළ යුතු බවයි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -