

මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ “මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ කළ ඉදිරිපත්කිරීමට පිළිතුරු ලෙසිනි.
“විශේෂයෙන් එක්සත් ජාතීන් හා එහි යාන්ත්‍රණයන් සමඟ නිරතුරුව හා ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් කළ, වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සහ එක් එක් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන ඉල්ලීම්, මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ දක්වා ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති සහ ඒවායින් සමහරක් වසර තිහක් තිස්සේ නිකුත් නොකොට රඳවාගෙන ඇති සාක්ෂි මත පදනම් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගතයුතු පැහැදිලි හා සුවිශේෂී අනතුරක් පෙන්වා දෙයි. ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියා පිළිගත නොහැකි අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි”.
ඔහුගේ සම්පූර්ණ කථාව මෙසේය.

– Advertisement –

