32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ – ආසාදිත සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බවය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමුණි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,513ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ඔස්සේ විභාගය ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් -19 වසංගත තත්ත්වය මත දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකට ම අවම වශයෙන් මධ්‍යස්ථාන 2 බැගින් මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා එම විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර තිබෙනවා. මෙහිදී එම ප්‍රදේශවල එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ කටයුත්ත සම්බන්ධීකරණය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.“

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට කොවිඩ් -19 එන්නත ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට රජය යහපත් ප්‍රතිචාර නොදැක්වීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -