32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ලග්ගල කුරක්කන් ගොවීන්ගේ ඉල්ලීම !

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් රුපියල් 150 කින් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.
ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල කුරක්කන් හේන් වගාව මෙවර ඉතා සාර්ථකව වැඩි අස්වැන්නක් ලැබේමින් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.
ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශ වල කුරක්කන් බඩඉරිඟු ආදී හේන් වගාව සඳහා තවමත් ප්‍රසිද්දව පවතින අතර අහස් දියෙන් මෙම හේන් වගා බොහෝ ගොවීන් විසින් සිදු කරති.
මේ දිනවල විල්ගමුව ප්‍රදේශයේ හේන් වල බඩඉරිඟු අස්වැන්න නෙළීම මෙන්ම කුරක්කන් අස්වැන්න නෙලීම සිදු කරන අතර ඔවුන් කියා සිටින්නේ අස්වැන්න නෙලීමට පෙර රුපියල් 500 ත් 550 ත් අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බවය. එහෙත් අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ එය රුපියල් රුපියල් 300 පමණ පහත වැටී තිබෙන බව පෙන්වා දෙති.


එමෙන්ම කුරක්කන් අස්වැන්න නෙළා ඒවා කුරහන් ඇට බවට පත් කිරීම් සහ විශාල වෙහෙස මහන්සියක් ගොවීන් දරන බවත් අස්වැන්න නෙලා ගැනීම අවසන් වන තුරුම හේන් වලට වී වන අලින්ගෙන් සහ වන සතුන්ගෙන් තම වගාවන් බේරා ගැනීම සඳහා ද විශාල කැප කිරීමක් කරන බව ලග්ගල විල්ගමුව ගොවීහු පෙන්වා දෙති.
තරුණ ගොවියෝ ද මෙවර කුරක්කන් වගාව සඳහා පිවිස ඇති අතර බොහෝ ගොවීන් කියා සිටියේ අස්වැන්න සදහා සාධාරණ මිලක් නොලැබුණහොත් ඉදිරි කන්න ගොවීන් වගා කිරීමෙන් වැළකී යන බවය .
ලග්ගල අබන ප්‍රදේශයේ ගොයෙකු වූ වයි .එම් සේන මහතා තම ඉල්ලීම කවි කින් ඉදිරිපත් කළේය .
ලග්ගල හේන්වලකුරහන් බරු බැහැලා.
අපි දැන් ගෙට ගන්නවා මලු පුරවාලා
ඒවට හොද මිලක් දෙන්නට හිත පල්ලා
ලග්ගල අහිංසක ගොවියෝ රැකපල්ලා .

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -