32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ලෝක උරුම නකල්ස් කඳු පන්තියේ ඉතා සුන්දර පතන ප්‍රදේශයේ ඉදිකිරීම් ,ශාක විනාසයක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ලෝක උරුමයක් වූ මහනුවර දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්ක අතර පිහිටා ඇති නකල්ස් කඳු පන්තියේ ඉතා සුන්දර පතන ප්‍රදේශයේ මේ වන විට දුර්ලභ ශාක රැසක් සහ භූමි විනාශයක් සිදුකරමින් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය පසුගිය කාලයේ එල්ල වී තිබිණි. කෙසේ වෙතත් මීට දින 210 ක ට ඉහත දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අවසරයක් මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාලය මඟින් මෙහි තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදි කිරීම් ආරම්භ කොට ඉදිකිරීම් භාරදී ඇත්තේ ඉංජිනේරු කාර්යය පිළිබඳව වර්ධන උපදේශන කාර්යාංශය වෙතය .

නකල්ස් පතන සංරක්ෂිත භූමිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම ගොඩනැගිලි ඉදි කිරීම සිදුකරන බව ඉංජිනේරු කාර්යයන් පිළිබඳව වර්ධන උපදේශක කාර්යාංශයේ ඉදිකිරීම් භාර නිලධාරී ලහිරු ප්‍රසාද් මහතාගෙන් කළ විමසීමක දී පැවසීය.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ පරිපාලන කටයුතු සිදු කරගෙන යන නියෝජිතයන් කියා සිටියේ මෙම ස්ථානයේ පරිපාලන කටයුතු සහ වැසිකිලි අවශ්‍ය තරම් පවතින බවය. කිසිදු ඉදිකිරීමක අවශ්‍යතාවයක් නොමැතිව තිබියදී ඉතා ඉපැරණි නකල්ස් රක්ෂිතයට පමණක් ආවේණික වූ වටිනා ශාක කපා දමා මෙම ගොඩනැඟිල්ල ඉදි කරන බවත් දැනට ඇති ගොඩනැගිලි ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ක්‍රියා කරමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.


කාලයක් තිස්සේ පතන ප්‍රදේශයේ පවතින මෙම ගොඩනැගිලි ඉවත් කිරීමට ඇති ගොඩනැගිලි මේ වන විටත් වැහි ළිහිණියන්ගේ කූඩු සාදා එම සතුන්ගේ ආරක්‍ෂිත ඉඨාන බවට පත්වී හමාරය. තවත් ගොඩනැගිලි කීපයක්ම පතන ප්‍රදේශයේ පවතී .එවැනි ගොඩනැගිලි රැසක් පවතින අතර මහවැලි අධිකාරියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මගින් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ කුමන කාරනාවක් සඳහා ද යන්න පරිසරවේදීහු මෙන්ම දැනට නකල්ස් ප්‍රදේශය පරිපාලන කරන කණ්ඩායම් රජයෙන් විමසා සිටිති.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ නකල්ස් කඳු පන්තිය පැතිරී පවතී .පන්තියේ පවතින ලාක්ෂණික හැඩය පදනම් කරගනිමින් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නකල්ස් නාමය ඊට ලබා දී තිබේ. අතීතයේ මුතුන් මිත්තන් විසින් මීදුම වැසුනු යන අරුත දුම්බර වැටිය ලෙස හඳුන්වා ඇත. වර්තමානයේ හෙක්ටයාර් විසිඑක් දාහක් පමණ ප්‍රදේශයක් තුළ නකල්ස් සංරක්ෂණ වනාන්තරය පැතිර තිබේ. එමෙන්ම 2010 වසරේදී ශ්‍රී පාද ස්වභාවික රක්ෂිතය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ නකල්ස් රක්ෂණ වනාන්තර ලෝක උරුමයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝව මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.


මෙම ඉදිකිරීම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් හෝ ලබාගෙන ඇද්දැයි මෙම ඉපැරණි ශාකයන් කපා දැමීම සඳහා අවසරයක් ලබා ගත්තේ ද යන්න අප එම ඉදිකිරීම් භාරව සිටියේ නිලධාරී ලහිරු ප්‍රසාද් මහතාගෙන් විමසීමක් කළෙමු.
ඒ මහතා කියා සිටියේ මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මීට දින 210 ක ට ඉහත දී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසරය ලැබී ඇති බව ය .උපදේශන කාර්යාංශය මගින් මෙහි ඉදිකිරීම් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මේ සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන බවද සඳහන් කළ ඒ මහතා කියා සිටියේ මේ සඳහා ලබාදී ඇති අවසරපත්‍ර වනසංරක්ෂණ කාර්යාලයේ පවතින බවය .කෙසේ වෙතත් එහි කාර්යාලය වසා දමා තිබිණි. නකල්ස් මෙන්ම සුන්දර පතන ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණෙන ජනතාව මෙම ඉදිකිරීම් ලෙස සිය මවිතය දෙනෙතින් බලා සිටිති .
මන්ද ඉපැරණි ශාක විනාස කරමින් මෙම සුන්දර දසුන් වලට පවා නොදැකිය යුතු ආකාරයට මෙම ස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම බලවත් ලෙස ඔවුන්ගේ විරෝධය පළකරති.
ලෝක උරුම භූමියේ පිහිටි නකල්ස් පතන ප්‍රදේශයේ සෑම තැනම අඩුම තරමේ පයින් ඇවිදීම පවා තහනම්ය .ගමන් කිරීම සඳහා එකම මාර්ගයක් වෙන් කොට ඇත්තේ එහි ජෛව විවිධත්වයට ලෝකයට ම ආවේණික වූ කුඩා සත්ව විශේෂ මෙන්ම පැළෑටි සංරක්ෂණය කිරීම නිසාවෙනි .එවැනි ඉතා පරිස්සමෙන් ආරක්ෂා කරමින් සිටින පතන ප්‍රදේශයේ විශාල ඉදිකිරීම් සිදු කරන්නේ කුමන අවශ්‍යතාවයක් යටතේද යන්න පරිසරවේදීහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මොරගහකන්ද ව්‍යාපෘතියෙන් විමසති .
මොරගහකන්ද ව්‍යාපෘතියෙ වියපෘති කළමනාකාර ඩී .එම් .විජේරත්න මහතාගෙන් විමසීමේදී කිවේ මිට වසර ගණනාවකට පෙර මේ ඉදිකිරීම් සදහා අවසර ඉල්ලා තිබුනද විවිද ගැටළු නිසා ප්‍රමාද වී පසුව මෙහි පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද අවසරය මත මෙහි ඉදිකිරීම් සදහා තම වියාප්රුතියෙන් මුදල් ලබාදුන් බවය .
මෙම ඉදිකිරීම් මොරගහකන්ද ජලාශ වැඩසටහනේ නොවන බවත් පරිසර අධිකාරියේ ඉල්ලීමකට මුදල් ලබාදීම පමණක් සිදු කරන බව පැවසිය .
ඉදිකිරීම් සිදු කරද්දී වනසංරක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව ද පැවසිය ,
එහෙත් අප එම ඉදිකිරීම් සිදුකරන ස්ථානය ට අප ගමන් කරන අවස්ථාවේ කිසිදු වන නිලධාරියකු නොවිය .
අප මේ පිළිබධව මාතලේ දිසා වන නිලධාරි එම් .ඒ .එස් .මුණසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන් ලගදී ස්ථාන මාරු ලබා පැමිණි බවත් මේ ඉදිකිරීම් සදහා තමන් දන්නා තරමට පරිසර අධ්‍යනයක් සිදු කොට ඇතිබව කිවේය .තමන් මේ පිළිබධව වැඩිවිස්තර නොදන්නා බවද පැවසිය .

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -