32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පහරදීමකින් විදුහල්පතිවරයෙකු ව රෝහල්ගත කෙරේ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ටින්සින් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්ව පෙරේදා (27) රාත්‍රියේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇත.

බගවන්තලාව මොරා වතු යායේදි පෙරේදා (27) රාත්‍රි 8.30 ට පමණ විදුහල්පතිවරයා මෙම පහර කෑමට ලක්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

විනය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම පාසැලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට පාසැලේදී දඩුවම් කිරීම පිළිබඳ උරණ වී සිසු පිරිසක් ඔවුන්ගේ දෙමව්පියන් තමන්ට පහර දුන් බව විදුහල්පතිවරයා බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත.

විනය කඩ කිරිමක් හේතුවෙන් විදුහල්පතිවරයා විසින් පහර දුන්නේ යැයි කියන සිසුවාගේ මව විසින්ද විදුහල්පතිවරයා තමන්ට (27) දින රාත්‍රියේ පහර දුන් බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -