

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර, ඒ මහතා විසින් අද (01)පෙරවරුවේ එම කොමිෂන් සභා වාර්තාව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට මල්වතු මහා විහාරයේදීත්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට අස්ගිරි මහා විහාරයේදීත් අදාළ වාර්තාව පිළිගන්වා තිබේ.
– Advertisement –

