32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

හබරණ හිරිවඩුන්න බෝධීන් වහන්සේ වැඩ ඇති ස්ථානය ගැන පැතිර යන බුදුන්ගේ කතාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිය මතය රටට කියයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

බුදුරජාණන් වහන්සේ මෙරට බුදු වූ බවට පතුරුවා ගෙන යන මිථ්‍යාව මින් ඉදිරියට රටතුළ පැතිර වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා 01 දින පැවසීය.
වසර ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ බෝධීන් වහන්සේ සහ පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැරදි මතය මහ නාහිමිවරුන්ගේ ජනාධිපතිවරයාගෙ අගමැතිවරයාගෙ ඇතුළු බොහෝ දෙනෙක් මිත්‍යාව පිළිනොගන්නා බව සඳහන් කළේය .
මෙම මිත්‍යා මතය පැතිරවීමට එකායන අරමුණ බවට පත්ව ඇත්තේ බුදු දහමට හානි කිරීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ හබරණ හිරිවඩුන්න මෙම බෝධීන් වහන්සේ අසල බව බොහෝ කණ්ඩායමක් මතයක් පතුරවමින් ගිය බව ද එම ස්ථානයේ තිබුණු මල් ආසනය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වජ්‍රාසනය බවට ඇතැමුන් සඳහන් කරන බවත් එම නිසා එම ොව යට ඇති මල් ආසනය කැණිම් කටයුතු වලින් එළියට ලබාගෙන ඒය ජනතාවට පෙන්වා නැවතත් තිබූ විදියටම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.
පසුව පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම එම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝයා වහන්සේලා ඉදිරියේ දායක සභාව ඉදිරියේ පුරාවිද්‍යා කැණීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
එමෙන්ම මෙම පුරාවිද්‍යා භූමියේ ඇති විවිධ ස්ථාන නිරීක්ෂණයට ලක් කිරීම ද පුරාවිද්‍යා නිලධාරීන් සිදුකෙරිණි. අවස්ථාවේදී පුරාවිද්‍යා භූමියේ ඇති ඉපැරණි නටබුන් පෙන්වා එම ස්ථානය නිරීක්ෂණය කිරීම ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරන ලදී .
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා කියා සිටියේ තමන් මෙම ස්ථානයට පැමිණියේ මෙහි ඇති මිත්‍යා අදහස තවදුරටත් පැතිර වීම වළකා දැමීම සඳහා බවය. මෙම ස්ථානයේ ඇති වජිරාසනය නමින් හඳුන්වන ස්ථානය ගලින් නිමවන ලද මල් ආසනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය .හිරිවඩුන්න ස්ථානය කිසිදු ආකාරයකින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයක් නොවන බව නිල වශයෙන් ජනතාවට දැනුම් දෙන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -