32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට එරෙහිව දිවයින පුරා වැවිලි සමාගම් වල වතු අධිකාරිවරුන් අද (03) දා  පෙ.ව. 08.45 ට පමණ හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය අසල ප්‍රධාන මාර්ගය දෙපස රැස්ව  විසින්  කළු කොඩි හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධයක නිරත වූහ.

ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරි සුභේෂ් නාරායනන් හා සහකාර වතු අධිකාරි ඒ.අනුෂාන් යන මහත්වරුන්ට පෙබරවාරි මස (17) වන දා එම වතුයායේ පිරිමි හා කාන්තා  කම්කරු වන් පිරිසක් විසින් ඉතා අමානුෂික ලෙස පහර දී, ගව වසුරු වතු අධිකාරිවරුන් දෙදෙනාගේ ශරීර වලට ඉසීම නිසා ඔවුන් දෙදෙනා තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ නොවාසිකව ප්‍රථිකාර ගැනීමට සිදු විය.

මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දීපාල් කුමාරගේ මහතා කියා සිටියේ, ඕල්ටන් තේ වතකුයායේ  වතු අධිකාරිවරුන් දෙදෙනාට එම වත්තේ කම්කරුවන් විසින් පසුගියදා පහර දී රෝහල් ගතකර සිදු වූ බවත්, වතු කළමණාකාරිත්වයේදී  දිගින් දිගටම වතු අධිකාරිවරුන්ට වතු කම්කරු ප්‍රජාවගෙන් සිදුවන පීඩාවන් හමුවේ තම සේවා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, ඒල්ටන් වතුයායේ සිද්ධිය පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවත්ය. වතු කම්කරුවන් රටේ නීතිය ඔවුන්ගේ අතට ගෙන ක්‍රියා කිරීමට පටන්ගෙන ඇති නිසා  වතු පාලනාධිකාරියට ඉදිරියට තේ වතු පාලනය කිරීම අසීරු වී ඇති බවත්,  මෙම තත්වය නිසා රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන වතු කේෂත්‍රය කඩා වැටීමට ලක් වෙමින් පවතින බවත් පවසන දීපාල් කුමාරගේ මහතා, තමන්ට සිදුවන පීඩාවන් හා අවධානම් තත්වයට වහා  ජනාධිපතිතුමා, අගමැතිතුමා හා ආරක්ෂක ලේකම් තුමා මැදිහත්වී කඩිනම්  විසඳුමක් ලබා දෙන ලෙසය.

තමන්ට සිදුව ඇති මෙම පීඩාකාරි, අවධානම් තත්වයට  විසඳුමක් ලැබෙන තේ ජාත්‍යන්තරයට පවා ගෙන යාමට සූදානමින් සිටින බව වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දීපාල් කුමාරගේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට දිවයින් පුරා වතු සමාගම් නියෝජනය කරමින් වතු අධිකාරිවරුන් හා නියෝජ්‍ය වතු අධිකාරිවරුන් 400 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -