32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අධිකරණයට අපහාස කළේ යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීමට දින නියම කෙරේ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ට අදාළ ලිඛිත දේශන මැයි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (03)  අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය  ලබාදුනි.

මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින්  මෙම පැමිණිල්ල ගොනු කර තිබූණි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින්  මෙම නඩුවට අදාළව වග උත්තරකරු  විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරිමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විරෝධය පළ කළේය.

ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මැයි මස 10 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළේය.

2017 වසරේ කොළඹ පැවැති මහජන රැස්වීමකදී මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට  අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -