32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පාරම්පරික හේන සහ දේශීය බිජ ඉල්ලන ගොවියෝ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  දේශීය බීජ වර්ග නැවත  රට තුළ ගොවීන්ට ලබා දී හේන් වගාව නැවත නීතිගත කර දෙන්නැයි ලග්ගල ,නවුල, සහ විල්ගමුව  ප්‍රදේශවල ගොවීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටිති.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , වීල්ගමුව, නවුල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් අනාදිමත් කාලයක සිට හේන් වගාව තම ජීවිකාව කරගෙන සිටි ජනතාව අති විශාලය .

හේන් වගාව තහනම් වී ඇති නිසා මෙම ජනතාවට සිදුව ඇත්තේ තම කුඹුරු වල කුඩාවට හේන් වගාව පවත්වා ගෙන යෑමය.  හේන් ගොවිතැන කුඹුර සිදු කිරීමේදී අස්වැන්න නිසරු  වීම නිසා කාලයක් තිස්සේ ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව විශාල කෘමිනාශක යොදා ගනිමින් ගොවිතැන් කරන බව ඔවුහු පවසති.

පෙරදා වී ,කුරහන්, මෑකරල්, අබ, තල ,කව්පි, බඩඉරිඟු, මෙනේරි ,කැකිරි,  වට්ටක්කා ,ආදී බෝගයන් රැසක් තම  ආහාර සඳහා තිබුණු බවත් එම වගාවන් වලට කිසිදු ආකාරයෙන් පළිබෝධ නාශක සහ පොහොර නැතිව අස්වැන්න ලබා ගත් බවත් හේන් ගොවීහු පෙන්වා දෙති.

 වර්තමානයේ තමන්ට සිදුව ඇත්තේ  නගරයේ වෙළඳසැල් වල ඇති බීජ ගෙනැවිත් ඒවා මහපොළොවට දැමූ දවසේ සිට විවිධ කෘමිනාශක සහ තෙල් බෙහෙත් වර්ග පොහොර ඉසීම බව ගොවීන් කියති .මෙම බීජ වල ගුණාත්මක භාවයක් නොමැති වීම නිසා තම වගාවන්  කේඩෑරි වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

එම නිසා අඩුම තරමේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල විල්ගමුව නාඋල ආදී  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි හෝ නැවත හේන් වගාව සඳහා අවසර ලබා දී දේශීය බීජ නිෂ්පාදනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස හේන් ගොවීන් හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පවසති.

ලග්ගල විල්ගමුව සහ නාඋල ආදී  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල අදටද මෙම ජනතාව හේනට පෙම් කරමින් දුවාදරුවන් සමග කුඩාවට හෝ හේනක්  පවත්වාගෙන යෑම සිරිතක් ලෙස සිදු කරමින් සිටිති.

 ඒවායේ තම්පලා, මෑ කරල්, කුරක්න්, ආදී ඉතා සුළු වශයෙන් දැක ගැනීමට හැකි වීම ද ඉතා අලංකාර දසුනකි .පාසල් යන කුඩා දුවා දරුවන්ට මෙන්ම  හේන් වගාව නොදැකපු බොහෝ දෙනාට අදටද හේන් වගාව ගැන දැක ගැනීමට හෝ ඇත්තේ මෙම ඉතා සීමිත ප්‍රදේශ වල පමණි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -