32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ලෝක උරුම නකල්ස් හි සුන්දර පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක අවසර දීම නීති විරෝදියි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටි ලෝක උරුම නකල්ස් හි සුන්දර පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට අවසර දුන් ලබාදුන්නේ කවුරුන්දැයි හෙළි කරන ලෙසද මෙම ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ නොදෙන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ලෝක උරුමයක් ලෙස මෙම ප්‍රදේශය සංරක්ෂණය කොට ඇති ස්ථානයක් මේ ආකාරයෙන් විනාශ කිරීම මෙහි ඇති පතන් අල සහ දුර්ලභ ශාක සතුන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබෙන අවස්ථාවක පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අනුමත කිරීමට නොහැකි බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය,

මෙම පරිසර විනාශය සහ දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා ගේ සිට ආණ්ඩුකාරවරයා දක්වා සියලු දෙනාම දැනුවත් කොට ඇතත් කිසිදු අයකුගේ අවධානයක් යොමු වී නැති බවද ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත් මෙම විනාසය මින් ඉදිරියට සිදු කිරීමට ඉඩ නොදෙන බව ද පෙන්වා දුන් රෝහිණී කවිරත්න මහත්මිය කියා සිටියේ ඉතා වටිනා වූ ලෝක උරුම නකල්ස් ආරක්ෂා කර ගැනීම සඳහා සිව්දෙනාගේ සහයෝගය අවැසි බව ය.

එමෙන් ම රජය පසුගියදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු අවශේෂ කැලෑ ප්‍රාදේශීය ලේකම් වරයා යටතට පවරා ගැනීම හරහා මහා ඉඩම් ජාවාරමක් ක්‍රියාත්මක වන බවද පෙන්වාදුන්නේය.

මේ දිනවල සීගිරිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉඩම් ජාවාරම ක්‍රියාත්මක වන බවත් පෙන්වා දුන් අතර පහ දෙදහස් එක චක්‍රලේඛනය වහාම අහෝසි කළ යුතු බව පෙන්වා දුන්නේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -