32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ජනතාවගේ සුබසෙත සඳහා වැය නොකළ විග්නේෂ්වරන් ඇතුළු නායකයින්ට මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිදු සාධාරණ අයතියක් නෑ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මධ්‍යම රජයේ පළාත් සභාවට ලබාදුන් ජනතා මුදල් සතයක් උතුරේ දෙමළ ජනතාවගේ සුබසෙත සඳහා වැය නොකළ විග්නේෂ්වරන් ඇතුළු නායකයින්ට මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිදු සාධාරණ අයතියක් නොමැති බවත් ජිනීවා මානව හිමිකම් කොමිෂමට කරුණු ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ ඔවුන්ට එරෙහිව බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරූන් සිද්ධාර්ථන් මහතා පවසයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (03) පැමිණි අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
දෙමළ ජනතාවට ඇත්තටම අසාධාරණයක් වූයේ අද දෙමළ ජනතාවට අසාධාරණයක් වූ බව කියමින් ජිනීවා මානව හිමිකම් කොමිෂමට කරුණු දක්වන්නට යන විග්නේෂ්වරන්,සුමන්තිරන්,පොන්නම්බලම්,ආනන්ද ශෂිධරන්,ශිවාජිලිංගම් යන අයගෙන් බවද හෙතෙම පැවසුවේය.
අද යාපනයේ ඇතැම් ග්‍රාම නිලධාරීන් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් බෙදුම්වාදය පෝෂණය කරන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සංවිධානය වල න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවත් ඔවුන් කවුද කියා ළඟදීම රටට හෙළිකරන බවත් ඒ මහතා කීය.
මෙරට බහුතර ජනාතව තමන්ගේ කැමැත්තෙන් පත්කර ගන්නා ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන්නට උතුරේ දේශපාලනඥයින් ක්‍රියා කළ යුතු බවත් ඔවුන් කරන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම බවත් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.
සිංහල බෞද්ධ ජනතාව මේ රටේ අති බහුතරයක් සිටින නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට නම් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුුතු කිරීම වැදගත් බවත් මේ නිසා තමන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ආරම්භ කළ පාගමන අතරතුර බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පියවර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
උතුරේ වැඩිපුර මුදල් තිබෙන කෝවිල් එක්තරා පවුල් කිහිපකට පමණක් අයිති බවත් ඒවාට ලැබෙන මුදල් කැනඩාවට යවන බවත් කී ඒ මහතා ඒවා එහිදී බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන්නට කටයුතු කරන අය අතට පත්වෙන බවද පැවසුවේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -