32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ලෝක කාන්තා දිනයට රටට ආදර්ශයක් දෙන මවක් හා දියණියන් දෙන්නෙක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනෙකු මාතලේ ලග්ගල ගලේ යාය නව ගුරුවෙල  ප්‍රදේශයේ දී අපට හමු විණි.

 මුළු ලොවම ලෝක කාන්තා දිනය  මාර්තු 8 දින සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම ආදර්ශයක් වේ යැයි අපට පසක්විණි .

නව ගුරුවෙල  ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මිය  වයස අවුරුදු 50 ක තිදෙදරු මවකි. ඇය විවිධ දුෂ්කරතාවලට මුහුණ පා වසර කිහිපයකට ඉහත දී තමන් විසින්ම උපයා සපයා ගෙන කිසිවකුටත් අත නොපා ජීවත්වීමේ උදාර අදිටන සිතට ගත් ප්‍රදීපා   ප්‍රනාන්දු රැකියාවක් ලෙස තෝරා ගත්තේ තමන් සහ ගමේ අය සමඟ ගොවිතැන් කීරිමය . එහෙත් එම ගොවිතැන් විශේෂ වගාවන් රටාවකි .එනම් වස විසෙන් තොර වූ කුරක්කන්, මෑ කරල්, තල ,මෙනේරි, අබ ,මුං ඇට, කව්පි ,මිරිස් ,බඩඉරිගු ආදී නිවසකට අවැසි ආහාර වෙයි.

තමන් වගා කරන සහ තම ගම්මානයේ පිරිස් වගාකරනු දේශීය ආහාර  මිලදී ගැනීමත් ප්‍රදීපා  ප්‍රනාන්දු විසින් සිදු කරන්නට වූවාය. පසුව ඇය කාර්යබහුල කාන්තාවන් ඉලක්ක කරගෙන පිරිසිදු පැරණි ආහාර පහසුවෙන් තම නිවසේ සාදා ගැනීමට හැකිවන පරිදි පහසු කොට ඇසුරුම් කොට නිවසට ලබාදීමට ඉතා කුඩාවට මේ ක්‍රියාව ආරම්භ කාලය .

 නිවසක ආහාරයට සකසා  ගැනීමට සුදුසු වනපරිදි  සහ විවිධ ප්‍රමාණයන් වල ඇසුරුම් සකසා නිවෙස්වලට වෙළඳසැලට ගෙන ගොස් අලෙවි කිරීම ඇය රැකියාව දිනෙන් දින දියුණු කර  ගත්තාය.

මොරගහකන්ද කලුගග  ජලාශ වලට තම දේපළ ඉඩකඩම් නිවාස සියල්ල අත්පත් කරගත් පසු ඔවුන් නව පදිංචිකරුවන් ලෙස ලග්ගල නව ගුරුවෙල නගරයට පැමිණ තිබේ. එම පැමිණීම අතරෙත් ඇය තම රැකියාව අමතක නොකළාය. එම ලැබුණු ඉඩම්වලද   ඇය කුරක්කන්  ඇතුළු විවිද   විවිධ ආහාර වගාවන් ආරම්භ කළේ තම වැඩිමහල් දියණියන් දෙදෙනා ද සමග ය.

සසිකා මදුසන්කනි . නිසංසලා දේශානි  යොවුන් වියේ පසුවන  දියණියන් දෙදෙනාට ද මෙම ආදර්ශමත් මව තවත් ආදර්ශයක් දෙමින් මෙම රැකියාව පසුපසම ඔවුන් දෙදෙනාද කැටුව යන්නට අමතක නොකළාය.

  ගෙවත්තේ සහ අවට ප්‍රදේශවල දියණියන් සමග කුරක්කන් ආදී ධාන්‍ය වවා  අස්වනු නෙළා වියළා ගැනීම සියලු දේ ඉටු කරගැනීම මව සහ දියණියන් දෙදෙනාම විසින් සිදුකර ගැනීම  විශේෂත්වයකි.

මධ්‍යම පළාත් සභාවට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්  හොදම විවසහායිකාව හැටියට ඇය සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ .මෙම  මවත් දියණියන් දෙදෙනාත් කියා සිටියේ තවත් කෙනෙකු යටතේ සේවය කරනවාට වඩා තමන්ට හැකි පරිදි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම කාන්තාවකට සිදු කළ හැකි බවය.

 එමෙන්ම තමන්ට මෙම ව්‍යාපාරය නිසා මුදලක් නොමැති දිනයක් නොමැති බවය. වයස අවුරුදු 50 ක් වුවද තරුණ පෙනුමකින් ජීවත්වීම හිතේ සතුට ගෙන ආදරෙන් පවුල් ජීවිතයක් ගත කිරීම මෙන්ම මුළු ප්‍රදේශයටම රටටම ආදර්ශමත් ම ජීවත්වීමට හැකි පරිදි තම දියණියන් දෙදෙනා සමග සැමියාගේද නොමද සහය ලබාගෙන ජීවත්වන බව ඇය ආඩම්බරයෙන් පැවසුවාය.

මෙම ආදර්ශමත් දියණියන් දෙදෙනා ද මම  සියලු නිෂ්පාදන වලට සහාය ලබාදෙනු ලබන්නේ සමාජයේ තුරුණු වියේ පසුවන බොහෝ තරුණියන්ට , කාන්තාවන්ට ආදර්ශයක් ලබාදෙමිනි.

 මෙම සියුමැලි දෑත් වලින් කුරහන් කැපීම වියලීම කෙටීම බඩ ඉරිඟු කුරහන් තල උඳු මෑ කව්පි ආදී බොහෝ  ධාන්‍ය වර්ග අපේ රටේ මිනිස්සුන්ට වස විස නැති ආහාර බවට පත් කිරීමට මෙම තිදෙනා ගේ කැපකිරීම අගය  කළ යුතුව තිබේ .

ඔවුන්ගේ ලිපිනය අංක 316 , ගලේ යාය නව ගුරුවෙල ,ලග්ගල , දුරකථන අංකය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -