32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අතීතයේ සිට මේ දක්වාම මෙරට කාන්තාවට නිසි තැන අහිමි වූ අවස්ථා වැඩියි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ලෝක කාන්තා දිනය සැමරීම නිමිති කොට ගෙන නොකළ වරදකට හා ලිංගික අල්ලස එරෙහි වීම නිසා ජිවිතයෙන් වන්දි ගෙවන ලද ඇහලේපොල කුමාරිහාමි සමරා ඇයට උපහාර පිදීමේ වැඩසටහනක් (07) ඇහැලේ පොල විහාරස්ථානය කේනද්‍රකර ගනිමින් පැවැත්විනි.

මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී වරියන්ගේ සංසදය මෙය සංවිධානය කොට තිබිණි .ආරාධිත පිරිස පෙරහරකින් කැදවා ගෙන විත් ඇහලේපොල කුමාරිහාමි සමරා පිළිරුවට පුෂ්පෝපාහාර දක්වනු ලැබිය .

කුමාරිහාමි කතාපුවත හා කාන්තා හිංසනය පිළිබධ නාට්‍ය ගීත හා රැගුම් සමගින් ඉතා අලංකාර ව කාන්තා දින සැමරුම ට කාන්තා හිංසනයන් ගැන පැමිණි පිරිස රටට මතක් කොට දෙන්නට විය .

පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරියන් වන කුරැණෑගල දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිණි මංජුලා දිසානායක මහත්මිය කියා සිටියේ කාන්තාවට සම තැනක් අදටද නොමැති බවය .වර්තමාන පාර්ලිමේන්තුවේ 225ක් සිටියත් කාන්තා නියෝජනය 12ක් බවය .විවිද ක්‍රම වලට බෙදීම නොව කාන්තා සියලු දෙනා එකතුවිය යුතු කාලය එලබ ඇතිබව කීවාය .

පාරිලිමේන්තු මන්ත්රිවරියන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා සිතා අරබෙපොල මහත්මීන් සුම් තාක්ෂනය හරහා පිරිස ඇමතුවාය .
මේ අතර ලෝක තරැණ බෞද්ධ සම්මේලනයේ සභාපති අනුරැද්ධ අරණ විහාරාධිපති මුකුණුවෙල අණුරැද්ද හිමියන් සදහන් කළේ ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අසුන් 225 ම කාන්තාවන්ට හිමිවන්නේ නම් අගනා බවයි.

මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථායේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ කාන්තාවට අම්මා යනුවෙන් ආදර වදනින් කතා කරන නමුත් දේශපාලනයට පැමිණි විට ඇයට විවිද නම් පටබදිමින් ගණිකාවක් බවට පත් කරන බවය .

රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය කියා සිටියේ අතීතයේ කුවේණිය ,සොමාදෙවිය ,හා විහාරමහාදේවිය ,මෙන්ම ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු බොහෝ දෙනා අසාධාරණයට ලක්වූ බවත් මෙම උත්සවය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු වලව් මන්ත්‍රිවරයෙකු මන්ත්‍රී වරියන්ට බලපැම් සිදුකර කාන්තා දිනය සැමරීමට තහංචි දමා ඇති බව.
දඹුල්ල නගරාධිපති ජාතිල ඕපාත මහතා කියා සිටියේ මාතලේ පරිසරය රකින්නට කාන්තාව මාධ්‍යවේදීන් සමග පෙරට පැමිණ ඇති බවය .

මාතලේ දිස්ත්‍රික් පාළාත් පාලන නියොජිතයින්ගේ සංගමයේ සභාපති අචලා රාජකරැණා මහත්මිය සහ පල්ලේපොල,උකුවෙල සහ නාඋල ප්‍රාදේශිය සභාවන්හි හා දඹුල්ල මහනගර සබාවේ මන්ත්‍රිවරියන් රැසක් ද මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.

– Advertisement –

 Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -