32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

පාස්කු කොමසිම මගින් ඇතිකර තිබෙන විකෘතිය විධිමත් ලෙස අධ්‍යන්‍යය කරන ලෙස මහානා හිමිවරුන්ට ඥානසාර හිමිගෙන් ඉල්ලීමක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසන් වාර්තාවේ නිර්දේශ මගින් ඇතිකර තිබෙන විකෘතිය විධිමත් ලෙස අධ්‍යන්‍යය කර ඒ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගෙන ඉල්ලීමක් කළ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර නාහිමියෝ පැවසූහ.

මෙරට 70% ක් වන බෞද්ධ ජනතාවට නායකත්වය දෙන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා රටේ ඇතිවන ජාතික,ආගමික හා සමාජ ප්‍රශ්න වලදී ඒවා සමනය කිරීම සඳහා උන්වහන්සේලාගේ කාර්යභාරය මැනවින් ඉටුකරනු ලැබූ බවත් මේ අවස්ථාවේ බරපතල ගැටලු රැසක් නිර්මාණය කර තිබෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ වර්තාවද උන්වහන්සේලා නිසි ලෙස අධ්‍යන්‍යය කර රටට පැහැදිලි කිරීමක් කරනු ඇති බවත් උන්වහන්සේ කීහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමසන් වාර්තාව සම්බන්ධව ඊයේ (08) අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියන් දැනුවත් කර ඒ පිළිබඳ සංදේශයක් උන්වහන්සේට බාර දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානාසාර නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මේ වාර්තාව මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම සමස්ත බෞද්ධ සමාජයටම විශාල අවාසනාවක් කැඳවා තිබෙන බවද උන්වහන්සේ පැවසූහ.
යුග කාර්යභාරයක් ලෙස සලකා දිස්ත්‍රික්කයක් පාසා ගොස් ඉස්ලාම් අන්තවාදය නිසා රට පත්වූ විපත පිළිබඳව දැනුවත් කරන බවද බොදුබල සේනා සංවිධානයේ ලේකම් හිමියෝ කීහ.

නිදහස ලැබූ දා පටන් ජාතිවාදය,අන්තවාදය,බෙදුම්වාදය මේ රටේ ක්‍රියාත්මක වූ බවත් බෞද්ධ සමාජය තුළ අන්තවාදී හෝ ජාතිවාදී උමතුවක් පැවතියේ නම් කෝවිල්,පල්ලි නොහැදෙන බවත් කී ඥානසාර හිමියෝ මනුෂ්‍යත්වයට පයින් ගහන සියල්ලන් එකට තබා පරාජය කිරීමට දැන් අවස්ථාව එළඹ තිබෙන බවද අවධාරණය කළහ.
ක්‍රිස්තියානු මූලධර්මාවාදීන් මෙන්ම ඉස්ලාම් අන්තාවාදීන් දෙපැත්තකින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද උන්වහන්සේ කීහ.
මෙහිදී අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ පාස්කු කොමිසන් වාර්තාවට විරෝධය දැක්වීමත් එම ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර ගැනීමත් මූලික කර ගනිමින් භික්ෂු සංගම් එකමුතුව මෙම මස 11 දින පස්වරු 2.00 ට නිදහස් චත්‍රරස්‍රයේදී සත්‍යග්‍රහක නිරත වන බවත් ජාතික වශයෙන් ආරම්භ කරන එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව සිදුකරන බවද පැවසූහ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ භික්ෂු සංවිධාන එකමුතුවේ හිමිවරු අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද,නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමිවරුද බැහැදැක අදාළ කරුණු පිළිබඳව උන්වහන්සේලාද දැනුවත් කළහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -