32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

වගා ළිදක් ඉල්ලන්න ගොවියෙක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

අතීතයේ හේන් ගොවිතැනට හිමි වූයේ ඉහළ තැනකි. එමෙන්ම මෙරට කවිය ගීතය සාහිත්‍ය ආදී බොහෝ දේ පෝෂණය වීමට හේන ඉවහල් වීය . වර්තමානය වන විට හේන දැක ගැනීමටවත් නොහැකි තරම්ය.
තවමත් හේන් වගාව යම් මට්ටමකින් හෝ ආරක්ෂා වී ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රදේශයන් වල පමණි. එහිදී මාතලේ දිස්තීක්කයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශ වල ඉතා සීමිත හේන් වගාව ක්‍රියාත්මක වෙයි .අතීතයේ මෙන්ම අදටද හේන් ගොවීන් පැරැණි ක්‍රමයට කුරහන් තල උඳු මෑ කව්පි ආදී හේන් වගාවන් සිදු කරමින් පැල් රකිමින් හේන ආරක්ෂා කරමින් ඔවුන්ගේ ආහාර නිෂ්පාදනය සිදු කර ගනිති.
වර්තමානයේ බොහෝ දෙනෙකුට හේන් වගාවේ අසිරිය දැක ගැනීමට හැකි වන්නේ පොත පත කියවන සහ විවිධ ටේලි නාට්‍ය හරහා පමණි .ඒවා ද හේන් හැටියට කෘතිමව සාදා ගත් හේන් වෙයි .


එහෙත් ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ හේන් ගොවීන් දිවා රෑ නොතකා සිදුකරන සිමිත් හේන් වගාව සොයා පසුගියදා අප හේනක රැයක් ගතකිරීමට ගියෙමු.
විල්ගමුව ප්‍රදේශයේ හේන් වගාවකට ගිය අපට හවස් කාලයේ හේනට අවැසි දර සොයා ගැනීම කුරහන් රොටී ආහාර ලෙස සැකසිම මෙන්ම හේන සඳහා පවුලේ බොහෝ දෙනෙකුගේ ඒකරාශී වීම දැකගැනීමට හැකි විය .
එමෙන්ම කවිය විරිඳුව ගීතය ආදී සියලු දේ මෙම හේන්වල අදටත් නොමැරී පැවතීම විශේෂත්වයකි .අඩි තිහ හතලිහක් ඉහල ගස් වල පැල සකසා ඒවායේ පැල් රකිමින් අනෙක් හේනේ සිටින අයට වන සතුන් එන වග දන්වන ක්‍රමයද එදා පත පොත කියවීමේ දී දුටු සුන්දර දසුන් ඇස් දෙකෙන්ම දැක ගැනීමට හැකි විය.


පෙරදා එක හේනක් කොටාගෙන වගා කළ බොහෝ ගොවියෝ එම හේන අතහැර තවත් හේනක් කෙටීම සිදුකරති .එහෙත් හේන් වගාව සහ වනරක්ෂිත හෙළි පෙහෙළි කිරීම තහනම් වූ දා සිට මෙම ගොවීන්ට සිදුව ඇත්තේ එකම හේනේ වගා කටයුතු සිදු කිරීමයි .අහස් දියෙන් වගා කරන මෙම අයට ජලයහිගකම බරපතල ලෙසම පවතී .
මෙම හේන් ගොවීන් ඉල්ලා සිටින්නේ තමන්ට වෙන කිසිවක් නොව හේන් ගොවිතැන සිදු කර ගැනීම සඳහා වගා ළිං කීපයක් හෝ ලබාදෙන ලෙසය .වීවිධ කෘමි නාශක වල් නාශක යොදා ගනිමින් බොහෝ ගොවිතැන් බත් කරද්දී තවමත් විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් ඉපැරණි ක්‍රමයට තම බීජ සොයාගෙන සංරක්ෂණය කරගෙන කුරක්කන් තල මෙනේරි බඩඉරිගු තුඹ කරවිල බටු කරවිල මෑ කරල් කවුපි මිරිස් වර්ග වන්නි මිරිස් හීන් මිරිස් දඹල ආදී වගාවන් සිදු කරමින් සිටිති .


මෙම පිරිස සංරක්ෂණය කරගත හොත් ඉදිරි අනාගතයේ දී මෙරට හේන් ගොවිතැනට ආරක්ෂා කර ගත හැකි ය. එසේ නොවන්නට එම සීමිත හේන් වගාව ද තව නොබෝ දිනකින් අතහැර දැමෙනු ඇත. එම නිසා හේන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වේවායි හේන් වගාවේ රැයක් ගත කළ අපට සඳහන් කළ හැකිය .
මෙම ගොවීන් පෙරදා ඉතා සතුටෙන් හේන් වගාවට යොමු වුවද මේ වන විට හේන් වගාව එපා කරවන තරමට පත්වී ඇතැයි හේන් ගොවියෝ අප සමග පැවසූහ. ඔවුන් කියා සිටින්නේ හේන දෙස බලා සිටින පිටස්තර අයට හේනේ සුන්දරත්වය දුටුවද ජලය නොමැතිකම නිසා ඔවුන්ට හේන අත්හැරදැමීමට සිදුව ඇති බව ය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -