32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අපේ ඉන්න රක්ෂිත ඉඩම් අලි කළමනාකරණට ගන්න එපා – පිරිසක් විරෝධතාවයක

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අපිට අලිත් එක්ක ජීවත්වෙන්න පුළුවන් -පිරිසක් කියයි

   හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට ගොවින් විසින් සූරියවැව වල්සපුගල ආරම්භ කර තිබෙන විරෝධතාවය සදහා විරෝධය පළකරමින්  පිරිසක් එක්ව අද (22) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් පවත්වන ලදී.

   විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සදහා තමන් මෙතක් කල් ජීවත්වූ ප්‍රදේශයන්ද අයත්වන බවයි.එමෙන් එම ප්‍රදේශ අලි කළමනාකරණ රක්ෂිතයට පවරා නොගන්නා ලෙසත් අලින් සමඟ තමන්හට ජීවත්වීමට හැකිබවත් ඔවුන් කියා සිටියේය.

 කෙසේ නමුත් මෙහි විරෝධතාවයේ නියැලී පිරිස අනවසරයෙන් වසර කීපයක් තිස්සේ වගා කටයුතු සිදුකරගෙන යන අය වන අතර ඒ අතර අක්කර 25 , 50 හෝ ඊට අදික ප්‍රමාණයේ විවිධ වගාවන්ද රක්ෂිත ප්‍රදේශයේ සිදු කරනබව ද විරෝධතා කරුවන්ම පෙන්වා දුනි.

  විශේෂයෙන්ම විරෝධතාවයේ නියැලී සිටි පිරිස අතර සාමාන්‍ය ගොවින් මෙන්ම මෙම රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණ ලෙස ඉඩම් වංචා සිදුකරමින් සිටින පිරිසක් මෙන්ම වෙනත් ප්‍රදේශ තුල ජීවත්වෙමින් විවිධ මහා පරිමාන  ව්‍යාපාර සිදුකරන අතර තුර මෙම රක්ෂිත ප්‍රදේශයේ අක්කර ගණනින් ඉඩම් අල්ලාගෙන සිටි පිරිස්ද සිටි බව නිරීක්ෂණය විය.විරෝධතාවයේ නියැලී පිරිස් වෙත සංග්‍රහ කටයුතු සිදුකරනු ලැබුවේ එම ව්‍යාපාරිකයන් වේ.

  කෙසේ නමුත් 2010 වර්ෂයේදී හම්බන්තොට සිදුකල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඒ සදහා රක්ෂිත හෙළි කිරීම නිසා අවතැන්වූ වන අලින් ඇතුළු වන සතුන්හට ජීවත්වීමට ප්‍රදේශයක් ලෙස හෙට්ටයර් පනස් දහසකට අදික ප්‍රමානයකින් යුත් මෙම අලි කළමනාකරණ රක්ෂිය වෙන්කළ අතර ඉන් මේ වනවිට ඉතිරිව  ඇත්තේ හෙට්ටයර් 25000 ක පමණ ප්‍රමාණයකි.

 මෙම කොටස තුල හම්බන්තොට රක්ෂිතතුල ජීවත්වන වනලින් 450 අදික ප්‍රමානයක් මෙන්ම තවත් වනසතුන් හට ජීවත් වීමට අවකාශය තිබිය යුතුය,නමුත් පරිසරය ගැන සංවේදී නොවන ඉඩම් ජාවාරම් කරුවන් අහිංසක ගොවිජනතාවද දඩමීමා කරගනිමින්  මේ ආකාරයෙන් විරෝධතාවයන් පවත්වනු ලබන්නේ ඔවුන්හට ලැබෙන දේසපාලන සහයෝගයක් නිසාද?

 එමෙන්ම මෙම විරෝධතාවය ආණ්ඩුව මගින් අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකර  තම හිතවතුන් හට ඉඩම් ලබාදීම සදහා සිදුකරන වෑයමක් ද යන්න සැක  සහිත බව  මේ වනවිට වල්සපුගල සත්‍යග්‍රහයේ නියැලී සිටින ගොවින් ප්‍රශ්න කරයි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -