32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පිළිකා කාරක පොල්තෙල් මුදාහැරීමට හේතුව රේගු ප්‍රධානියා පහදයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ප්‍රමිති ආයතනය හා ආහාර ආරක්ෂණ ඒකකය බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කරලා තියෙනවා පසුගිය දිනවල. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාඩ්වල තියා ගන්නේ නෑ. මොකද නියාමන අධිකාරීය දවස් ගානක් ගන්නවා මේවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමට. සාමාන්‍ය ක්‍රමය වන්නේ, ආනයනය කරන ලද පොල්තෙල් ඔවුන්ගේ යාඩ් සඳහා නිකුත් කරනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට කරුණු ඉදිරිපත් කළා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස.“

සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ ඊයේ (23) දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය.

එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.

මේ අතර වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආනයනික ෆාම් තෙල් සහ පොල් තෙල් කලවම් කර අලෙවි කළ දඹුල්ලේ වෙළෙඳසල් දෙකක් මුද්‍රා තැබීමට මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද පියවර ගත්තේය.

මෙහිදී රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමකින් යුත් තෙල් තොග නිලධාරීන් භාරයට ගැනුණු අතර මියගිය කෘමි සත්ව කොටස් ද මෙම තෙල්වල දැකගත හැකිවිය.

මෙහිදී එක් ව්‍යාපාරිකයෙකු තොග වශයෙන් තෙල් මිලදී ගත් ආයතනය සඳහන් බිල් පත් ඉදිරිපත් කිරීමට ද අසමත්විය.

– Advertisement –

Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -