
යාපනයේ ගොවීන් සිය අස්වැන්න දඹුල්ල වෙළඳපලට එවමින් එළවළු වර්ග රැසක මිල 25 දින සිට පහත හෙළා ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
යාපන අර්ධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 25 දින විශාල වශයෙන් එළවළු තොග පැමිණීමත් සමග එළවළු වර්ග රැසක මිල පහත වැටීමට හේතු වී තිබේ . ඒ අනුව අමු මිරිස් ,මාළු මිරිස්, දේශීය අර්තාපල් අල, බිට් ,වට්ටක්කා , රතුලූනු ආදී එළවළු වර්ග රැසක මිල මේ ආකාරයෙන් පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
පසුගිය සති කීපයේ අර්තාපල් අල කිලෝවක් රුපියල් සියයකට එහා අලෙවි වූ අතර යාපනය අර්තාපල් අල කිලෝව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් 70 සිට 80 දක්වා මිලකට අලෙවි වූ අතර රුපියල් 450 ,500 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ රතු ලූනු කිලෝව මෙදින රුපියල් එකසිය හැටේ සිට පහළට අලෙවි වී තිබේ .
රුපියල් දෙසීයකට 220කට අලෙවි වූ අමු මිරිස් කිලෝව රුපියල් 130, 140 ක් දක්වා පහත වැටී තිබේ .යාපනයේ වට්ටක්කා කිලෝවක් රුපියල් 50ත් 55ත් අතර අලෙවි වෙයි .
මධ්‍යස්ථානයට විශාල වශයෙන් යාපනය අර්ධද්වීපයේ එළවළු තොග ලැබීමත් සමග ඉදිරි දින කිහිපයේදී එළවලු මිල පහත වැටෙනු ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
යාපනයෙන් ලැබෙන එළවළු සඳහා රටේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙන්දන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව ද විදේශීය රටවලින් ගෙන්වා ඇති අල ලූණු වලට වඩා අඩු මුදලකට යාපනයේ ගොවීන් එළවළු අලෙවි කිරීම නිසා පාරිභෝගික ජනතාවට ඉදිරියේ උත්සව සමයේ වාසි රැසක් අත්වන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
Advertisement –

