
බගවන්තලාව ප්රදේශයේ සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට තේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලන කසළ තේ එක් කිරිම නිසා ඔයේ ජලය කළු පැහැ ගැන්වී විශාල පරිසර හානියක් සිදුව තිබෙන බව ප්රදේශවාසිහූ පවසති.
තේ කර්මාන්ත ශාලාව මගින් ඉවතලන කසළ තේ ජලයේ දියකර ඉතා සුක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇල පහරකට එක්කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා එහි ජලය දෛනිකව පරිභෝජනය කරන ජනතාව දැඩි අසීරුතාවයට පත් වි ඇත.
කෙසෙල්ගමුඔයේ ජලය කළු පැහැයෙන් ගලා බැසිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදුකරන බවයි.
Advertisement –

Advertisement –
