දිස්ත්‍රික්ක විසිහතර පුරා විසිර සිටින ජනතාව ශක්තිමත් පවුරක් ලෙස නගා සිටුවමින් භාග්‍යා දැරියගේ ආරක්ෂාව පිණිස පෙලගැස්සවීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපතිනි වත්මන් කැදවුම්කරු මහනුවර දිස්ත්‍රික් එජාප නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසයි.
ඒ සදහා ජනතාව දැනුවත් කරමින් අදාල ප්‍රකාශයට අත්සන් රැස්කිරිමේ ක්‍රියාවලිය මේ වන විට ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබේ. අදාල අත්සන් ලේඛනය ඉදිරියේදි පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදීමට කටයුතු කරන බවද කෝන්ගහගේ මහත්මිය කියා සිටියාය.
සිංහරාජ වනාන්තරය ආශ්රිත ප්‍රදේශයක සිදුවන වන විනාශය සම්බන්ධයෙන් භාග්‍යා අබේරත්න සිසුවිය ප්‍රකාශ කළ කරුණු අරඹයා රජය ඇයව පීඩාවට පත්කරමින් ප්‍රශ්න කිරිම් සිදුකරන බවත්, මේ රටේ නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පැවතුනද එය දරුණු ලෙස උල්ලංඝණය කල අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකි බවද ඇය පැවසුවාය. භාග්‍යා පමණක් නොව ඇයගේ දෙමව්පියන් සහ දේවානි ජයතිලක ආදි රට වෙනුවෙන් නැගි සිටින සියළු දෙනා වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතු බවද කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
රට වෙනුවෙන් කැපවන මෙවන් දරුවන් රටට සම්පතක් බවද , නව නිපැයුම් වෙනුවෙන් තරුණ ජවය ඉදිරියට ගන්නා බව ද කියමින් රට පාලනයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව අදහස් ඇති තරුණ දරුවන් ආරක්ෂා කරගැනීමට අමතකව ගොස් ඇති බව ද ලක් වනිතා කැඳවුම්කරු කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
Advertisement –

