32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

සයිප්‍රස් අරමුදල ලංකාවට ලබාගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ..

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මේ ආණ්ඩුව හොරට නිදාගෙන ඉන්නේ.
එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තිබෙන විශාල ගැටලු ප්‍රමාණයක් අතරින් සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ලබාගැනීමට ඇති වී තිබෙන බාධාව ප්‍රධාන එකක් ලෙස තිබෙනවා. සමජ ආරක්ෂණ අරමුදල කියන්නේ සයිප්‍රස්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියාවෙන් පසු ලැබිය යුතු අරමුදලක්. සයිප්‍රස්හි සේවය කරන ලංකාවේ සේවකයින්ගේ වැටුපෙන් 7.5%ක් සහ හාම්පුතාගෙන් 7.5%ක මුදලක් මෙම අරමුදලට බැරවෙනවා. එනම් 15%ක මුදලක් මාසිකව එකතුවෙනවා. නමුත් සයිප්‍රස් සේවය කළ කිසිවෙකුට මෙම මුදල් තවම ලැබී නැහැ. එය වෙන කාටවත් ගන්නත් බැහැ. මුදල ලැබෙන්නේ නැත්තේ ඇයි? පසුගිය ආණ්ඩුවලට මේ ගැටලුව අපි කියා තිබෙනවා. නමුත් අවශ්‍ය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග නැහැ.

මෙයට හේතුව අපේ රටේ ආණ්ඩු, ඇමතිවරු වගකිවයුත්තෝ රාජ්‍යතාන්ත්‍රිකව මේ සමබන්ධයෙන් අවශ්‍ය ගනුදෙනු කරන්නේ නැහැ. මෙය විශාල මුදලක්. මෙම මුදල රටට එනවා කියන්නේ ඒක රටේ ආර්ථික අර්බුදයටත් යම් කිසි විසඳුමක් වෙනවා. පුද්ගලිකව සේවකයාට මුදල ලැබෙනවා කියන්නේ එය රටට ලැබෙන මුදලක්. එය ලබාගන්න රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කළ යුතුව තිබෙනවා. අපි මේ ගැන හැමදාම කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් සිට මේ ගැන අපි කියලා තිබෙනවා. විදේශ සේවා භාරව සිටි හැම ඇමතිවරයෙකුටම මේ ගැටලුව ගැන කියලා තිබෙනවා. මේක ඉතා විශාල මුදලක්. සමහර අයෙකුට ලක්ෂ 30ක් වැනි මුදලක් ලැබිය යුතුව තිබෙනවා. මෙම මුදල් ලැබිය යුතු පුද්ගලයන් ලක්ෂ එකහමාරක් පමණ සිටිනවා.

එතෙර අපි සංවිධානය ලෙස අපිත් මේ ගැන මැදිහත් වෙන අතරේ සයිප්‍රස් සේවක එකමුතුව කියලා සංවිධානයක් ගොඩනගා ගත්තා. ඒ සංවිධානයත් මේ ගැන වගකිව යුත්තන්ට දැනුම් දීලා තිබෙනවා. දුර පළාත්වල සිට ආපු 2000ක් වැනි පිරිසක් ද්ඝෝෂණ කළා. ජනාධිපති සමඟ සාකච්ඡාවක් ඉල්ලුවා. නමුත් ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් තමයි සාකච්ඡාවට ආවේ. ඔවුන් පිළිගත්තා මෙය විසඳුමක් ලබාගත යුතු ප්‍රශ්නයක් කියලා. විදේශ කටයුතු ඇමතිවරයාගේ රාජතාන්ත්‍රික කටයුතු භාර ලේකම් හමුවෙලා තිබෙනවා. ආණ්ඩුව අපිට කියන්නේ ඔවුන්ට මේ ගැන තොරතුරු නැහැ කියලා. ඒක ඉතාම කණගාටුදායක තත්වයක්. මේ ගැන තොරතුරු තිබෙන්න ඕන අදාල අමාත්‍යංශය සතුව. නමුත් ඔවුන් අපිට කියනවා තොරතුරු නැහැ කියලා. අපිට කිව්වා තොරතුරු දෙන්න කියලා. රට වටේ ගිහින් තොරතුරු එකතු කරලා අපි තොරතුරු ගත්තා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට මේ ගැන තොරතුරු දෙන්න අවස්ථාවක් ඉල්ලුවා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මේ ගැන ඇතිවෙන්න කතා කරලා තිබෙනවා. නමුත් විසදුමක් නැහැ.

කණගාටුවට කරුණ වෙලා තිබෙන්නේ මේ ගැන අපි යවන ලිපි කම්කරු ඇමතිගේ, විදේශ රැකියා ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට තමයි යොමු කරන්නේ. මේ තරම් වැදගත් ප්‍රශ්නයක් අඩුම තරමේ ඇමතිවරයාට යොමු කරන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ ගැටලුව පිළිබඳ අවදානයේ තරම. අඩුම තරමේ ආණ්ඩුව තවම අදාල වගකිව යුතු ඇමතිවරයා තෝරාගෙන නැහැ. කොරෝනා පිට දාලා හැම දෙයක්ම පස්සට දානවා. මේ වෙලාවේ මේ ඇමතිවරු මොනවද කරන වැඩ. වැදගත් වැඩක් කරනවා කියලා මේ රටේ ජනතාවට පේනවද? සංවර්ධන ව්‍යාපෘති කරනවද? ජනාධිපති පත්වෙලා අවුරුද්දක් වෙනවා. ආණ්ඩුව පත්වෙලා සෑහෙන කාලයක් වෙනවා. අදාල ඇමතිට යවලා මේ ගැටලුවට පිළිතුරක් ගන්න බැරි තරම් මේ ඇමතිවරුන්ට තිබෙන වැඩ මොනවද? රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ. ඉතාම කණගාටුදායක තත්වයක්.

මේ අරමුදල ලැබිය යුතු විශාල පිරිසක් අසරණ තත්වයට පත්වෙලා. ඇතැම් අය සේවය හමාර වෙලා ලංකාවට ඇවිත් වසර ගණනාවක් වෙනවා. බොහෝ අය මහලු තත්වයට පත්වෙලා. තවත් සමහරු මරණයට පත්වෙලා. තමන්ට ලැබිය යුතු මුදල නොලැබී මැරිලා ගිහිල්ලා. ඒ නිසා අපිට අහන්න තිබෙන්නේ මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ඇයි කියලා. මේ සම්බන්ධයෙන් විෂයභාර ඇමති කවුද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. අඩුම තරමේ අපි අදාල බලධාරීන්ගෙන් ඉල්ලුවා මේකට වගකියන ඇමතිවරයා කියන්න කියලා. තවම ඒකට උත්තරයක් නැහැ.

මේ අරමුදල පිලිපීනය විසින් ලබාගත්තා. සයිප්‍රස් රජය සමඟ අදාල රාජතාන්ත්‍රික ගනුදෙනුව කරලා තමන්ගේ රටේ සේවකයින්ට එම මුදල ලබාගන්න පිලිපීනය කටයුතු කළා. නමුත් අපේ රටේ පාලකයින් ඒ ගනුදෙනුව කරන්නේ නැහැ. රාජතාන්ත්‍රික ගනුදෙනුව කරන්න ඕනෑ රටේ ජනාධිපති, අදාල ඇමතිවරු. මේ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ ප්‍රශ්නය දන්නවා. ඔහු කම්කරු ඇමති කාලේ සිට තිබෙන ප්‍රශ්නයක්. මේක දැන් වසර ගණන් ඇදී යන ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි ජනාධිපතිට, අදාල ඇමතිවරුන්ට බලකරනවා මේ ගැටලුව විසඳගන්න අදාල ක්‍රියාමාර්ග ගන්න සාකච්ඡාවක් දෙන්න කියලා. මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හොරට නිදාගෙන ඉන්නේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැටලු ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපරිකයින්ගේ මුදල් හම්බකරන ව්‍යාපාරයක් වෙලා..
එතෙර අපි සංවිධානයේ මුදල් ලේකම් නීතිඥ ජානක අධිකාරි

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙම කොරෝනා තත්වය මත බරපතළ ගැටලුවලට මුහුණපා සිටිනවා. පසුගිය මාර්තු මාසයේ සිටම අපි මේ සම්බන්ධයෙන් ආන්ඩුවට කරුණු දැක්වූවා. ලංකාවේ ජනගහනයෙන් 08%-10% පමණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස ජීවත් වෙනවා. ඔවුන් තමන් උපයන විදෙස් මුදල් මෙරටට එවමින් මෙරට ආර්ථිකය පවත්වා ගෙන යාමට විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන් මෙම ශ්‍රමිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ මැදපෙරදිග කලාපයේයි.

වෙනත් රටවල ශ්‍රමිකයන් සමග සසඳා බැලුවහොත් ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් ලැජ්ජාවට පත් වන තරමට ඔවුන් පීඩාවට පත් වෙමින් සිටිනවා. මෙරට ආණ්ඩුව ඔවුන් ගැන බලන්නේ නැත්දැයි සෙසු රටවල ශ්‍රමිකයින් ශ්‍රී ලාංකියන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ, මෙරට ආණ්ඩුව තමන්ගේ පුරවැසි ශ්‍රමිකයින්ගේ වගකීම පැහැර ඇති බව ඔවුන්ටද දැනෙන නිසයි.

මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව සිටිනවා. ඒ ඔවුනට මෙරටට පැමිණීමට අවසර ලබා නොදී ඇති තත්වයක් තුළයි. ආණ්ඩුවට ඔවුන් ගෙන්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නැහැ. මේ පිරිස අතර රැකියා ගිවිසුම් අවසන් වූ පිරිසක් සිටිනවා. මාර්තු සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ තමන්ගේ රැකියා ගිවිසුම් අවසන් වූ ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටිනවා. සැබැවින්ම රැකියා ගිවිසුම අවසන් වූ පසුව ඔවුනට එම රටවල සිටීමට හැකියාවක් නැහැ. නීතිමය වශයෙන් අවසරයක් නැහැ. වීසා රහිතව මෙසේ රැඳී සිටින කාලය වෙනුවෙන් ඔවුනට දඩ ගෙවීමට සිදුවෙනවා. නිදසුනක් ලෙස කටාර් රාජ්‍යය ගතහොත් එවැනි අමතර කාලයක් ගත කළ ශ්‍රමිකයන් තමන්ගේ මව්රටට යන දිනයට අමතර දඩ මුලක් ගෙවීමට සිදු වනවා. මෙම අමතර කාලය තුළ ඔවුනට අනෙකුත් අයිතීන්ද අහිමි වනවා. නීති විරෝධීව රැඳී සිටින නිසා ඔවුනට නිදහසේ ප්‍රතිකාර ගැනීමට පවා නොහැකියි. ඔවුන්ට ජීවත් වීමට, ආහාර ගැනීමට ඉඳුම් හිටුම් ලබාගැනීමට මුදල් නොමැතිව අන්ත අසරණ වී සිටිනවා. මෙබඳු අයගේ වීඩියෝ පට, හඬපට, පුවත්පත් වාර්තා අපට විශාල ලෙස ලැබෙමින් තිබෙනවා. ආණ්ඩුව ඔවුන්ගේ ගැටලුවලට මැදිහත් නොවන බව කියමින් විශාල ලෙස දුක්ගැනවිලි ඉදිරිපත් වනවා.

මෙම තත්වයට මුහුණ දෙන ගෘහසේවිකාවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන්ගේ රැකියා ගිවිසුම් අවසන් වූ පසුව පැමිණීමට නොහැකි නිසා ගිවිසුම් රහිතව නිවෙස් තුළ තබාගනිමින් වැඩ ගනිමින් තිබෙනවා. ගිවිසුම් කාලය අහිමි නිසා ඔවුනට සියලු අයිතිවාසිකම් අහිමියි. ඒ නිසා හාම්පුතුන්ගේ සියලු කොන්දේසිවලට යටත්ව වැඩකිරීමට ඔවුනට සිදුව තිබෙනවා. මේ තත්වය තුළ දැවැන්ත ශ්‍රම සූරාකෑමක් සිදුවෙමින් තිබෙනවා. වෙනත් රටවල ශ්‍රමිකයන් මෙන් නොව ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට උද්‍යානවල, පාරවල්වල රැඳීසිටිමින් කාලය ගත කිරීමට සිදුව තිබෙනවා.

ලෝකය තුළත් ආසියාවේත් එවැනි තත්වයක් දක්නට නැහැ. අසල්වැසි ඉන්දියාවත් තමන්ගේ ශ්‍රමිකයින්ට රටට පැමිණීමට ඉඩ ලබාදී තිබෙනවා. නමුත් ලාංකේය ශ්‍රමිකයන් තමන්ගේ මව්රටට පැමිණීමට නොහැකිව අසරණ වී සිටිනවා. ආණ්ඩුව ඔවුන් ගෙන්වන බවට බොරු පොරොන්දු දෙමින්, ඔවුනට නිරෝධායන වීමට තැන් නැති බවට බොරු කියමින් කල් මරනවා. ඒ විතරක් නෙවෙයි දැන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ආණ්ඩුවේ ගජමිතුරන්ට මුදල් ගරන ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින් මේක ජාවාරමක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ඉතාම අමානුෂික වැඩක්. අපි ආණ්ඩුවට කියනවා මේ තරම් අමානුෂික වෙන්න එපා කියලා. ඒ වගේම එතෙර අපි සංවිධානය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින්නේ විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

 Advertisement –

 Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -