32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පෞද්ගලික බස් රථ හතරක බැටරි 08 ක් හොරු අරන්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

බගවන්තලාව හැටන් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හතරක බැටරි 08 ක් පෙරේදා (25) මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් සොරාගෙන ගෙන ගොස් ඇත.

මේ හේතුවෙන් අදාළ බස් රථ ධාවනයේ යෙදවීමට නොහැකි වූ බවත් මේ සම්බන්ධයෙන් ඊයේ (26) පෙරවරුවේ බගවන්තලාව පොලීසියට පැමිණිල්ලක් කළ බවත්  බස් හිමියෝ පවසති.

අදාළ බස් රථ බගවන්තලාව තැපැල් කාර්යාලය සහ බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ  ගාල් කර තිබී ඇත.

නියමිත ගමන් වාරය ආරම්භ කිරීමට ප්‍රථම බස් රථ පණ ගැන්වීමට උත්සහ කළ අවස්ථාවේ බස් රථවල බැටරි සොරාගෙන තිබෙන බව දැනගත් බව එම බස් රථවල සේවය කරන රියදුරු කොන්දොස්තර මහත්වරු පොලීසියට පවසා තිබේ.

එක් බසයකට බැටරි දෙකක් අවශ්‍යය බවත් එම බැටරි යුගලක් රුපියල් 40000.00 ක් පමණ වන බවත් බස් හිමියෝ පවසති.මෙම දිනවල බැටරි හිඟයක් රටේ පවතින නිසා වැඩි මිලට බැටරි අළෙවි වන බවද ඔවුහූ කීහ.

බැටරි සොරකම සම්බන්ධයෙන් නගරයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ බගවන්තලාව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

Advertisement –

 Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -