32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

වෘත්තීය සමිති සියල්ල නියාමනයට රජය අත තබනවා – අමාත්‍ය නිමල් සිරිපාල

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

.

  කම්කරුවාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ සංවර්ධනය හේතුවෙන් ඉදිරියේ දී වෘත්තීය සමිති සියල්ල නියාමනයට ලක් කිරීමේ අසීරු කාර්යයට රජය අත තබන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 27 දින දඹුල්ලේ දී පැවසීය.

දඹුල්ල නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදිකෙරුණු කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල වශයෙන් රජය මැදිහත් වී තිබෙන බවත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කම්කරුවන් රැක ගැනීම එම අයගේ සුභසාධන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් රැසක් මේ වනවිටත් රජය ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසි ය.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හඳුන්වා දෙන අවස්ථාවක 25% කාන්තා නියෝජනය යොමුකරනවා ‍ මෙන්ම   වෘත්තීය සමිති සඳහා 35% ක කාන්තා නියෝජනයක් එක් කිරීමටද රජයේ අවධානය යොමු වී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දීර්ඝ වශයෙන්  කම්කරුවන්ගේ නීති අණපනත් සියල්ල වෙනස් කළ බවද පැවසී ය. එමෙන් ම විදේශීය රටවල සිට පැමිණෙන ශ්‍රමිකයන් හෝටල් දහයක නවතා දින හතක කාලයක් නොමිලේ නිරෝධායනය දීම සඳහා රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පෙන්වාදුන්නේ ය .

ලොවම වසංගතයට නතු වී ඇති අවස්ථාවක මෙරට කොවිඩ් මර්දන ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරන බවත් විපක්ෂය එය නොදැන කතා කරන බවද පෙන්වා දුන්නේය .එමෙන්ම විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ කම්කරුවන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව නඩු මහේස්ත්‍රාත් අධිකරණ වල පැවරෙන නඩු විභාග කිරීම විශාල වශයෙන් ප්‍රමාද වන බව ය .එම නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා මින් ඉදිරියට කම්කරු විනිශ්චය සභා හරහා කම්කරුවන්ගේ ගැටළු  විසඳීමට ක්‍රියා කරන බව ය .

එමෙන් ම බොහෝ හාම්පුතුන් රීට් ආඥා මගින් එම නඩු තීරණයන්  ඉහළ අධිකරණ වලට රැගෙන යන බවද හෙතෙම සඳහන් කරමින් කියා සිටියේ එම ක්‍රමවේදය වළක්වා ගැනීම සඳහා නව නීතියක් ලෙස එවැනි රීට් ආඥා ලබාගැනීමේදී කම්කරුවාට ගෙවිය යුතු සියලු මුදල් අධිකරණයේ තැන්පත් කිරීමෙන් පසුව නඩු විභාගය සිදුකරන නීති ගෙන එන බව ය.

මෙම  නීති  රෙගුලාසි සම්පාදනය කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිදු අයකු නොමැති බවද ඒ මහතා පෙන්වාදුන්නේය .කම්කරුවන් වෙනුවෙන් තමන් ඇමැතිවරයා හැටියට විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම උත්සව අවස්ථාවේදී විවිධ අනතුරුවලට පත් වූ සේවකයන්ගේ  දුවා දරුවන්ට අවශ්‍ය ඉගෙනීම් අධ්‍යාපන කට්ටල පරිත්‍යාග කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

 Advertisement –

 Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -