32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කිරින්දේ ඉල්මනයිට් ඛනිජ සම්පත් නිදිය ගැන හොයන්න ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට පිරිසකගෙන් විරෝධය

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  තිස්සමහාරාම  කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් ඛනිජ සම්පත් ලබාගැනීමේ ව්‍යාපෘතියක් රජය යටතේ ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්  කළ යෝජනාවක් නිසා ඒ සදහා  කිරින්ද ප්‍රදේශයේ පිරිසක් දැඩි විරෝධයක් එල්ලකර තිබුණි.

  මෙම නොසන්සුන් තත්වය ඇතිවී තිබුනේ පසුගිය 27 වනදා පස්වරුවේ   තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ ප්‍රධානත්වයෙන් පැවති  ජනතාව දැනුවත් කිරීමේ හමුවක් තුලදීය

  මෙහිදී අදහස් දැක්වූ   කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ ”මේ සම්බන්ධයෙන්  චමල් රාජපක්ෂ ඇමතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා, ඔවුන් දෙපළ විශේෂ ඉල්ලීමක් කළා. ප්‍රදේශයේ ජනතාවගේ යම් යම් නොසන්සුන්තාවයක් තියෙනවා. ඒ ජනතාව සමග සාකච්ඡා කරලා මේක කරනවා නම් හොඳයි කියලා. අපි දෙගොල්ලෝම මේ සාකච්ඡාවෙදි සෑහීමකට පත්වෙනවා නම් අපි මේ කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කාරනාව” යන්නයි .

  නමුත් මෙහිදී ප්‍රදේශ වසින් අසා සිටියේ මෙම ව්‍යාපෘතිය සමිතියෙන් කරගෙන යන්න දෙනවද යන්නයි ඉන්දියන් සමාගමක් එක්ක අපි පොඩි ගිවිසුමකට ඇවිත් තියෙනවා. ඒ ගිවිසුමෙදී ඉන්දියන් සමාගම අපිට කියනවා දවසකට වැඩ කළොත් වරුවක් වැඩ කළොත් 4000ක් අපිට දෙනවා කියලා.  එතකොට අපි මේ වැලි ගන්න යන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් ඈත කැළෑ ප්‍රදේශයක. ඒ ඉන්දියන් සමාගමත් එක්ක අපිට මේ වැඩේ කරන්න අවසර දෙනවා නම් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා යනුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙහිදී කියා සිටියේය”

  ඒ සදහා පිළිතුරු දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ ”දැන් මට කියන්නෙත් ඒ සමාගම වගේ ඔබතුමන්ලාව අන්දන්න කියලද? ඕවා වචන නේ. තියෙන ගිවිසුම නීත්‍යානුකූලව වලංගුද? පිටරට ඉන්න අයට මේක හූරගෙන කන්න දෙන එක නෙමෙයි අපේ යුතුකම. මෙච්ච දේවල් දෙනවා කියන්නේ ඇයි. මේක වටින නිසා.”

  එමෙන්ම එම අවස්ථාවට පැමිණි සිටි පිරිසක් ඇමතිවරයාගේ ඉල්ලීමට විරෝධය  පළ කරන්නට පියවරගෙන තිබුණි.ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පිටව ගිය පසු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -