32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

උපන්බිම අහිමකර සිරගේ ලෑමට යන උඩවලවේ ‘’රම්බෝ’’ හස්තියා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

”උඩවලව රම්බෝ” උඩවලව ජලාශ වේල්ල උඩින් යද්දි මේ සතාව ඔබ දැක ඇති බවට කිසිදු සැකයක් නෑ විශේෂයෙන්ම උඩවලව ජලාශය හා වනෝද්‍යානය ආශ්‍රිත ජනතාවගේ ආකර්ශනය දිනාගෙන සිටින මෙම රම්බෝ නැමති හස්තියා එම ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයට ගෙනයාමට වනජීවී දෙපාර්ත මේන්තුව ගෙන ඇති තීරණයට පරිසරවේදීන් පරිසර සංවිධාන  මෙන්ම ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය පළකර සිටිනවා.

  උඩවලව ජාතික වනෝද්‍යානයේම උපන් එහිම නිජ බිම කරගනිමින් වසර 50ක පමණ කාලයක් තිස්සේ ජීවත්වන ”රම්බෝ” ජනතා ආකර්ශනය දිනාගෙන ඇත්තේ උඩවලව ජලාශයේ බැම්ම මත සිටමින් ජනතාව විසින් ලබාදෙනු ලබන  ආහාර ලබාගැනීමට පුරුදු වී ඇති නිසාවෙනි.

  වසර 50කට දික කාලයක් උඩවලවේ ජීවත්වන රම්බෝ මේ වනතෙක් කිසිවෙකුගේ දේපලවලට හෝ පුද්ගලයෙකුහට හානියක් සිදුකර නොමැති බවයි වාර්තාවන්නේ.නමුත් උක් වගා කරුවන් කීපදෙනෙකුගේ පැමිණිල්ලකට අනුව දෙනුලැබූ දේශපාලන තීන්දුවකට අවනත වෙමින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සත්දන්ත පිරිමි අලියා හොරෝවුපතාන වන අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු සුදානම් කරමින් සිටි.

  එමෙන්ම රම්බෝ හස්තියා ඇල්ලීමට මාර්තු 31 වනදා සිට එහි කඳවුරු බැදීමට වනජීවී නිලධාරීන් සුදානම් කර තිබෙන බවද වනජීවී දෙපාර්ත මෙන්තුවේ නිලධාරියෙකු කියා සිටියේය.

රම්බෝ වැනි වන සතුන් සැබවින්ම දැවැන්ත පිරිමි සතුන්ය මෙම සතුන් නිසාවෙන් අලි පරපුර වෙනුවෙන් ශක්තිමත් අලි ග්‍රහනයක් ඇතිවේ. එවැනි ශක්තිමත් ග්‍රහනයක් ගොඩනැගීමට හැකි වන අලින් වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමීම මගින් සිදුවන්න වනාන්තර පද්දතිය තුළ  දුර්වල අලි ග්‍රහනයක් ඇතිවීමයි.එමෙන්ම මෙවැනි සතුන් අල්ල වෙනත් ප්‍රදේශයකට ගිහින් දමනවා කියන්නේ එම සතා මරලා දානවා සමාන ක්‍රියාවක් බව පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

සිදුකළ යුත්තේ කුමක්ද

  මේ ආකාරයෙන් වන අලින් ගම් වදිනවානම් සිදුකළ යුත්තේ ප්‍රදේශයේ අලි වැටවල් ශක්තිමත් කරමින් අලින්හට  ගම් වැදීමට නොහැකි ආකාරයෙන් සකස් කිරීම වේ නමුත් බලධාරීන් නිලධාරීන් සිදුකිරීමට යන්නේ එය සිදු නොකොට දේශපාලන තින්දු මත සිට මේ අහිංසක වන සතුන්ගේ නිජබිම් වෙනස් කිරීමයි.

එමෙන්ම මේ වනවිට උඩවලව ජාතික උද්‍යානය තුල ආක්‍රමණික ශාක වර්ධනය වීම හේතුවෙන් වන අලින්ට අවශ්‍ය ආහාර අවශ්‍ය ප්‍රමාණය ද අඩු වෙමින් පවතී ඒ නිසා අලින්ට වෙනත් ප්‍රදේශ තුලට සංක්‍රමණය වෙමින් තම  ආහාර සොයා ගැනීමට සිදුවේ.විශේෂයෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගහ පට්ටිය ඇතුළුව සමස්ත ප්‍රදේශයටම අලි  සංක්‍රමණය වන ප්‍රදේශය වන්නේ දහයියගල අභය බුමියයි නමුත් පසුගිය දිනකදී එම ප්‍රදේශයේ පැවති ගම සමඟ පිලිසදරක් වැඩ සටහනේදී එම රක්ෂිත ප්‍රදේශයේ වගාකිරීමට අවසර  දීම තුල මේ වනවිට එම ප්‍රදේශයේ දැවැන්ත පරිසර විනාශයක් වෙමින් පවතී.මේ තුල වන අලින්ගේ සංචාර ක්‍රියා වන්ට දැඩි තර්ජනයක් ද එල්ල වී තිබේනවා සේම ඉදිරියේදී එම ප්‍රදේශයද දැවැන්ත අලි මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමටද එම තීන්දු බලපා තිබේ.

  උඩවලව ජාතික උද්‍යානයතුල මේ වනවිට  ප්‍රමුක තාවය ලබාදී ඇත්තේ සංචාරක ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමට පමණක් වන අතර  මෙම වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කරදීමට ප්‍රමුක තාවයක් ලබා දී ඒ කලාපයේ ජීවත්වීමට තිබෙන සුරක්ෂිත තාවය ඇතිකිරීමට නිලධාරින් බලධාරීන් කටයුතු නොකරමින් මේ ආකාරයේන් වන සතුන් වෙනත් ප්‍රදේශයකට ගෙනවිත් දැමීම තුලින් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබේ.

රම්බෝ රෝගී අලියෙක්

”මේ ආකාරයෙන් මෙම සතුන් වෙනත් ප්‍රදේශයකට ගෙනවිත් දැමීම තුල තවත් ප්‍රශ්න බහුතරයක් ගොඩ නැගේ සැබවින්ම එය සරල ක්‍රියාවක් නොවේ  එහිදී එම ප්‍රදේශයේ සිටින තවත් පිරිමි සතුන් හා සිදුවන ගට්ටනයේදී මෙම සතා හෝ තවත් සතෙක් මිය යන්න පුළුවන් ඒ වගේම මේ සතුන් ඒ ප්‍රදේශයේ වටපිටාව දන්නේ නෑ අහාර ප්‍රබව තියෙන තැන වතුරතියෙන තැන ගැන නිසි අවබෝධයක් නෑ එම ප්‍රශ්න තුල මේ සතුන් ඉතාම කෙටි කාලයක් තුල මේ සතුන්ට හානිවීමේ දැඩි අවධානමක් තියෙනවා” යැයි සජීව  චාමිකර මහතා පෙන්වා දෙයි.

 ”රම්බෝ” රෝගියෙකු වෙලා තියෙන්නේ ස්වභාවික ක්‍රියාවලියකින් නොවේ උක් වගාවකට පනිමින් සිටියදී රම්බෝගේ කම්මුල පසාරු කරමින් තැබූ වෙඩි පහරකිනි ඒ නිසාම එයින් ඇති වේදනාකාරී අත්දැකීමද විදිමින් සිටින රම්බෝ හස්තියා මේ ආකාරයෙන් හොරෝවුපතාන වැනි අලි සිරගෙයක් තුලට දැමීම කිසි සෙත් කල යුත්තක් නොවේ. සිදුකල යුත්තේ ප්‍ර‍ෙද්ශයේ අලි වැට ශක්තිමත් කිරීම පමණි එසේ සිදු නොකොට අහිංසක වන සතුන් උන්ගේ නිජබිම් වලින් පිටමන් කිරීම සැබවින්ම අතීසාරයට අබුඩ ගැසීමක් වැනි  ක්‍රියාවක් වේ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -