32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි – කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

කේවල ක්‍රමය යටතේ 70% ක් සහ සමානුපාතික ක්‍රමය යටතේ 30% ක් වශයෙන් මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට හැකි ලෙස පවතින මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවත් ඒ සඳහා වන යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා වන විද්වත් කමිටුවට ඉදිරිපත් කළ බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති,කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

යහ පාලන ආණ්ඩු සමයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු සහය ලබාදුන්න් සති දෙකක් තුළ මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුවක් මත වුවත් පැවසූ ආකාරයට එය ඉටු නොවුණු බවද ඒ මහතා කීය.

මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන විද්වත් කමිටුවට ඉදිරිපත් කළ ශ්‍රීලනිප යෝජනා සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය. ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ඒකිය රාජ්‍යයක් වන අතර නව ව්‍යවස්ථාව කිසිසේත් බෙදුම්වාදයට ඉඩ තබන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි.විද්වත් මණ්ඩල තීරණ සමස්ත පාර්ලිමේන්තුවම නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වෙත ඉදිරිපත්කර නව ව්‍යවස්ථාවේ ස්වභාවය පිළිබඳ අවසන් තීරණයකට එළඹිය යුතුයි.බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හා බෞද්ධාගම පෝෂණය කිරීම,සුරක්ෂිත කිරීම රජයේ පරම වගකීමක් බව ව්‍යවස්ථාවෙන් සහතික වෙන්න ඕන.1978 ජනරජ ව්‍යවස්ථාවට අනුව පරිපාලනමය තීන්දුවකින් කරනු ලබන මූලික අයිතවාසිකමක් කඩ කිරීමක් සම්බන්ධයෙන් තමයි අපිට මූලික අයිතිවාසිකම් යටතේ අධිකරණයට යන්න පුළුවන්.මේ ක්ෂේත්‍රය වඩාත් පුළුල් කරන්න කියලා අපි ඉල්ලනවා.

පරිසරය සුරැකීම,ගෘහාශ්‍රිතව හෝ වන සතුන්ට කවර ලෙසකින් හෝ සිදුවන හිංසන මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සලකා නඩු පැවරීමට හැකිවන ලෙස මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වඩාත් පුළුල් කරන්න ඕන.පවතින ව්‍යවස්ථාව යටතේ මූලීක අයිතිවාසිකම් නඩුවක් පවරන්න පුළුවන් වෙන්නේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේයි.විශාල ගාස්තු ගෙවමින් කොළඹට ඒම  ජනතාවටඅසීරුයි.පළාත් බදව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කිරීමට කැමැති අය ඉන්නවා නම් ඔවුන්ට අපි අවස්ථාව සලසා දෙන්න ඕන.මූලික අයිතිවාසිකම් පිළිබද නඩුකරයන් පළාත් බද මහාධිකරණයන්හි පැවරීමට හැකිවන සේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන.එහි තීන්දුවකින් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයාමට පුළුවන් විදිහට ව්‍යවස්ථාව සකස් කිරීම සුදුසු බවට අපි යෝජනා කළා.ජතිය හා වාර්ගිකත්වය පදනම් කරගනිමින් පාසැල් නම් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.සිංහල,දෙමළ,මුස්ලිම් පාසැල් ලෙස නම් කිරීම වෙනුවට පොදු පාසැල් පද්ධතයක් පවත්වාගෙන යාම වැදගත්සිංහල දරුවන්ට ද්‍රවිඩ භාෂාවත් මුස්ලිම් හා ද්‍රවිඩ දරුවන්ට සිංහල භාෂාවත් ඉගැන්වීම අනිවර්ය කළ යුතුයි.

ද්විත්ව පුරවැසියන් පිළිබඳව අපේ මතය පැහැදිලියි.ඒ ගැන අපි මල්වතු අස්ගිරි උභය මහ විහාර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට දැනුම් දුන්නා.ද්විත්ව පුරවැසියන්ට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමට පුළුවන්කමක් නොතිබිය යුතුයි.රජයේ තනතුරු ලබා ගැනීමටත් හැකියාවක් නොතිබිය යුතුයි.ද්විත්ව පුරවැසි භාවයද ලොකු නැත්නම් ජනතා නියෝජිතයෙක් වීමද ලොකු කියන එක දේශපාලනයට එන්නට පෙර ඔවුන් තීන්දු කරන්න ඕන.විධායක ජනපති ධූරය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.විධායක ජනපති ධූරය තව දුරටත් පවත්වාගෙන යන්න ඕන.පාර්ලිමේන්තුවට පමණක් බලය දීමෙන් සිදුවන්නේ බල්ලා විසින් නගුට වනනවා වෙනුවට නගුට විසින් බල්ලා වැනීම වැනි දෙයක්.සුළු පක්ෂ හා කණ්ඩායම් වලට රටේ බරපතල කාරනා වලදී රාජ්‍ය නායකයාට බලපෑම් කළ නොහැකි වන ආකාරයට රාජ්‍ය නායකයා පත්විය යුතුයි.රටේ සමස්ත ජනතාවගෙන් ඡන්දයෙන් ජනපතිවරයා පත්වීම වැදගත්.

මේ රටේ මනාප ඡන්ද ක්‍රමය හදුන්වාදීමමෙන් පසු සමස්ත ඡන්ද ක්‍රමය විකෘති වුණා.ඒ නිසා ජනතාවට ඡන්දත් එපා වුණා.වෘත්තිකයින් වැනි අය දේශපාලනයට ඒමත් වැළකුණා.යම් භූගෝලීය ප්‍රදේශයකට,ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක් පත්කරන සුළු ජාතීන්ගේත් අයිතිවාසිකම් ආරක්ෂා වන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.පාළාත් පාලන මැතිවරණවේදී මේ මිශ්‍ර ක්‍රමය ගෙනාවා.පනහට පනහ ගෙනා නිසා ඒක විකෘතියක් වුණා.කේවල් ක්‍රමය යටතේ 70 % ක් ද 30% ක් අනුපාත ක්‍රමය යටතේත් ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමයයක් යෝග්‍ය බව අපේ අදහසයි.යෝජනා සියල්ල අතරින් ප්‍රමුඛස්ථානයක් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අපි දෙනවා.පක්ෂය ගැන කල්පනා කරලා නෙවෙයි අපි තීරණ ගන්නේ.මේ වෙලාවේ වාසි අවාසි ගැන නොහිතා රට ගැන අපි  හිතුවා.යහ පාලන ආණ්ඩුව කාලේ ශ්‍රීලනිපයේ අපේ ඡන්ද ටික 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගත්තේ සති දකෙකින් අලුත් මැතිවරණ ක්‍රමය ගේන බවට පොරාන්දුවක් ලබා දීලයි.එතනදී අපි රැවටුණා.ආයෙත් රැවටෙන්න බැහැ.දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පත්කළ යුතුයි කියලා අපි කමිටුවට යෝජනා කළා.අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා වෙන්න ඕන.නියෝජ්‍ය ඇමැතිවරු 30 ක් පත්වෙන්න ඕන.රාජ්‍ය ඇමැතිවරු පිළිබඳ සංකල්පය ගැන ගැටලු තිබෙනවා.ප්‍රායෝගික වශයෙන් ඇමැතිවරයා සමඟ කටයුතු කරන නියෝජ්‍ය ඇමැතිවරයෙකු පත්කර ගැනීම වඩාත් හොඳයි.පසුගිය යහ පාලන ආණ්ඩු සමයේ ඇමැතිවරු පත්කිරීමේදී මහාමාර්ග උසස් අධ්‍යාපන එකට තිබ්බා.මෙවැනි තත්ත්වයන් වැලැක්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව තුළම අමාත්‍යාංශ 30 ක් වෙන් කරන්න.මේවාට තමයි ඇමැතිවරු පත්කළ යුත්තේ කියලා ව්‍යවස්ථාව තුළින්ම දක්වා තිබීම වැදගත්.

ජනපති ආරක්ෂක ඇමැතිධූරය දරන්න ඕන.එක රටකට එක නීතියක් යටතේ නීති සම්පාදනය කරන්න ඕන.කාන්තා නියෝජයන පිළිබඳව ඉතාමත්ව දැඩි ස්ථාවරයක අපි ඉන්නවා.පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී අපිට පුළුවන් වුණා 25% ක කාන්තා නියෝජනයක් ලබා ගන්න.ඒ තුළින් කාන්තාවන් විශාල පිරිසක් ක්‍රියාකාරී දෙශපාලනයට පැමිණියා.ඒ තත්ත්වය ඉදිරියේදී පළාත් සභා හා පාර්ලිමනෙතු මැතිවරණ වලටත් හඳුන්වා දෙමින් 25 % ක කාන්තා නියෝජනය අනිවාර්ය කළ යුතුයි.මන්ත්‍රීවරු සඳහා අවම අධ්‍යාපන සුදුසුකමක් යෝජනා කිරීමට අවධානය යොමු වුණා.ඒ සඳහා අවශ්‍යය නිරනායක ඉදිරියේදී සකස්කර ගැනීමට පුළුවන්.ජාතික සම්පත් විදේශ රටවලට විකිණීම,බදුදීම,කළමනාකරණයට අවස්ථාව ලබාදීමට පෙර ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතිය ලබා ගත යුතුයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් හත් දෙනෙකු ගෙන් සමන්විත ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපති කිරීම සඳහාත් අපේ පක්ෂය යෝජනා ඉදිරිපත් කළා.අධිකරණ සේවා කොමෂන් සභාවේ තීරණයන්ට එරෙහිව අභියාචනා මණ්ඩලයක් පත්කළ යුතුයි.නඩු ප්‍රමාදය නිසා ඇතිවී තිබෙන නීතිමය ප්‍රමාදයන් මග හරවා ගැනීමට එකී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නීතිය පසිඳලන ආයතන සමඟ සුහඳව සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ නියෝජනය කරන කමිටුවක් පත්කිරීමත් වැදගත් කාරනයක්.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය අද විහලුවක් බවට පත්වෙලා.පක්ෂයක් ලියාපදිංචි කරලා මැතිවරණයක් ආවම ඒක දිස්ත්‍රික්කයේ රුපියල් 75000.00 කට විකුණනවා.ස්වාධින කණ්ඩායම් ගණනාවක් මැතිවරණයට නාම යෝජනා දෙනවා.ඡන්ද දායකයාට අඟල් 36 ක් දිග බැලට් පේපර් එකක් එන්නේ ඒ නිසයි.මේක හොයාගන්න ඡන්දදායකයා අමාරුවේ වැටෙනවා. ඡන්ද නරක් වීමට මේක එක හේතුවක්.පාර්ලිමේන්තු මැතිවරණයකට මිලියන 20 ක්.පළාත් සභා මැතිවරණයට මිලියන 10 ක් පළාත් පාලන මැතිවරණයට මිලියන 05 ක් ලෙස ඇප මුදල් තැන්පත් කළ යුතුයි කියා අපි යෝජනා කළා.ජාති හා ආගම් පදනම් කරගනිමින් දේශපාලන පක්ෂ නම් කිරීම නතර කළ යුුතුයි.මේ යෝජනා ගමට ගෙනියන්න.අපේ යෝජනා මේවා කිව්වොත් විශාල ප්‍රසාදයක් ඔබට ලැබේවි.හොඳට මාර්කට්  කරන්න පුළුවන් යෝජනා මාලාවක් අපි සකස්කරලා දීලා තියෙනවා.පළාත් සභා සතු බලය තවත් පහළට විමධ්‍යගත් කරන්න ඕන.දිස්ත්‍රික් සභා ක්‍රමයට යායුතු බව ශ්‍රීලනිප මතයයි.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,මහින්ද අමරවීර,පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න,උපසභාපතිවරුවන් වන ශාන් විජයලාල් ද සිල්වා,රංජිත් සියඹලාපිටිය,තිලංග සුමතිපාල,ලක්ෂ්මන් වසන්ත,එදිරිවීර වීරවර්ධන,හේමාල් ගුණසේකර,චාමර සම්පත් දසනායක,උප ලේකම්වරුන් වන සරත් ඒකනායක,ජගත් පුෂ්පකුමාර,ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය-අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය හමුව අමතමින්.

Advertisement –

Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -