32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දැවැන්ත තෙල් ගවේෂණ නෞකා හම්බන්තොට වරායට

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

දේශීය නැව් සැපයුම් සේවා සපයන්නන් සඳහා අවස්ථා රැසක්

 ‘වෙස්ට් කරීනා’ සහ ‘වෙස්ට් පොලාරිස්’ නැමැති පැනමා ධජය යටතේ යාත්‍රා වන තෙල් ගවේෂණ නෞකා පසුගියදා, දිගු කාලීන ආම්පන්න සැකසීමකට හා අලුත්වැඩියා සේවා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේය. මෙම වසරේ ජනවාරි මාසයේදී පැමිණි මෙම නෞකා පිළිවෙලින් වසරක් සහ හය මසක කාලයක් වරායේ රැඳෙනු  ඇත.

   හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ මෙසේ දීර්ඝකාලීනව රැදී සිටින නෞකා සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සැපයීම් සහ අනෙකුත් සේවාවන් ලබා දීම සඳහා දේශීය සේවා සපයන්නන්ට මෙය කදිම අවස්ථාවක් වන බවයි. ‘නඩත්තු කිරීම්, කාර්ය මණ්ඩල වෙනස් කිරීම සඳහා අවශ්‍ය  සහාය, සමීක්ෂණ පැවැත්වීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම් වැනි සේවාවන් මේ අතර සුවිශේෂි වේ’ යැයි ඔහු ප්‍රකාශ කරයි.

  සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් හේලීස් බලශක්ති සේවා ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක සහ උපායමාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානි රිකී බානට් මහතා සඳහන් කරන්නේ මෙම නෞකා දෙකෙහි පැමිණීම, හම්බන්තොට වරායේද සහය සහිතව පවත්වාගෙන යන ව්‍යාපාරය තුළ ලැබූ තවත් එක් ජයග්‍රණයක් බවයි. වරාය සතු ව්‍යාපාරික දැනුම, නැව් සඳහා පහසුකම් සැපයීම  සඳහා දැක් වූ සහයෝගය සහ වර්තමාන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ මෙහෙයුම් යථා වැඩිදියුණු කිරිම, මෙම සාර්ථකත්වයට හේතු වූ බව, අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටී.

  

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -