
අගුණුකොලපැලැස්ස මුරවැසිහේන ප්රදේශයේදී අද (31) පෙරවරු 9.30 පමන ටිපර් රථ දෙකක් එකී නෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් ටිපර් රථයක ගමන්ගත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා එහි රියදුරු මියගොස් තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අගුණුකොලපැලැස්ස ප්රදේශයේ සිට වැටිය ප්රදේශය දක්වා ගමන්ගත් මාර්ඝ සංවර්ධන අධිකාරියට අයත් සේවකයින් ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හා වැටිය ප්රදේශයේ සිට අගුණුකොලපැලැස්ස දක්වා ගමන්ගත් වැලි ප්රවාහනය කරමින්තිබු ටිපර් රථයක් වේ.
අනතුරින් මාර්ඝ සංවර්ධන අධිකාරියට අයත් ට්පර් රථයේ රියදුරු මියගොස් එහි සිටි සේවකයින් 16 දෙනෙකු මේ ආකාරයෙන් තුවල ලබා ඇති අතර ඉන් පුද්ගලයින් 04 දෙනෙකුගේ තත්වය බරපතල බවයි අගුණුකොලපැලැස්ස රෝහලේ ප්රකාශකයෙකු කියා සිටියේ. අනතුරින් තුවාල ලැබුවන් අගුණුකොලපැලැස්ස රෝහලට ඇතුලත්කිරිමෙන් පසු තංගල්ල සහ හම්බන්තොට රෝහල්වෙත මාරුකර යව තිබේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අගුණුකොලපැලැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනු ලැබේ.