32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

මන්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ දී සොයාගත් කොටියා මිය යයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මන්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා ඉකුත් 24 රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 31වන දා  මියගිය බව වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පවසයි.

උදර ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුවීම කොටියාගේ මරණයට හේතුව බව අධ්‍යක්ෂකවරයා කීය.

වයස අවුරුදු 10 ක්  පමණ වන පිරිමි සතෙකු වන මෙම කොටියා අඩි 08 ක දිගින් යුත් හොඳින් වැඩුණු සත්ත්වයෙකි.

බෝපත්තලාව මැණික්පාළම ආශ්‍රිත රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට මෙම කොටියා හසුවීමෙන් පසු ඌ මන්ද සවිකර තිබූ මුගුරද කඩාගෙන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබේ.

පසුව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් පැමිණ කොටියා නිර්වින්දනය කර රෝහල වෙත රැගෙන යනු ලැබී ය.

Advertisement –

 Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -