32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

වසා දමා ඇති වතු රෝහල වහා විවෘත කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

වසා දමා ඇති වතු රෝහල වහා විවෘත කර වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දෙන ලෙස ඉල්ලමින් මස්කෙළිය, බ්‍රන්ස්වික් වතුයායේ උද්ඝෝෂණයක්.
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ වසා දමා ඇති වෛද්‍ය ශාලාව විවෘත්ත කර වතු වෛද්‍යවරයෙක් වහා ලබා දෙන ලෙස පාලනාධිකාරියට බල කරමින් එම වතුයායේ කම්කරුවන් පිරිසක් බ්‍රන්ස්වික් කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කොවිල ඉදිරිපිටදී අද (06) ප.ව. 03.15 ට පමණ උද්ඝෝෂණයක නිරත වූහ.
මස්කෙළිය වැවිලි සමාගමට අයත්, බ්‍රන්ස්වික් තේ වතුයායේ කොටස් 07 ක වතු කම්කරු පවුල් 1300 ක් පමණ සිටිති.

උද්ඝෝෂණයට එක්ව සිටි වතු කම්කරුවන් කියා සිටියේ, ප්‍රදේශයේ පිහිටි විශාලතම වතුයායක් වන බ්‍රන්ස්වික් තේ වතුයායට වසරකට ආසන්න කාලයක් වෛද්‍යවරයෙක් නොමැතිවිම නිසා වතු කම්කරුවන් දැඩි අසීරුතාවයකට හා පීඩාවකට පත්ව සිටින බවය.

හදිසි අවස්ථාවකදී රෝගීයෙකු කිලෝ මීටර් 05 ක පමණ දුරක් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යා යුතු බවත්, එම තත්වය හේතුවෙන් ගැබිණි මව්වරුන් ඇතුළු රෝගීන්ගේ ජීවිත අවධානමක් ඇති බවත් පවසන උද්ඝෝෂකයෝ, වසරක කාලයක් පුරප්පාඩුවක් පවතින වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දී තම මූලික අයිතියක් වන වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා දැනට වසා දමා ඇති වතු රෝහල වහා නැවත විවෘත්ත කිරිමට කඩිනමින් කටයුතු කරන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත්ය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -