32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල අදාළ පවුල් අතර බෙදාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බව සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ මහතා පවසයි.
ගහෙන් ගෙඩි එන්නාක් මෙන් තීරණ ගැනීමට පෙර ඒවා ක්‍රියාත්මක කළ හැකිද යන්න සම්බන්ධව නිසි ඇගයීමක් කළ යුතු බවද ඒ මහතා කීය.
මහනුවරදී අද (11) මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අඩු ආදායම් ලාභී පවුල් වලට මෙම රුපියල් 5000.00 ක මුදල ලබා දීමට බලධාරීන් තීරණය කර තිබෙන්නේ ඊයේ (10) දහවල් බවත් ඒ සඳහා වන චක්‍රලේඛණය මේ දක්වා නිකුත් කර නොමැති බවත් ඒ මහතා පැවසුවේය.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආදායම් මාර්ග ඇහිරී අසරණ තත්ත්වයට පත්වූ පවල් 70000 මුල් අවස්ථාවේ රුපියල් පන්දහසක දීමනාව ලබාදුන් බවත් මෙවර එය ලක්ෂ 28 කටඑ අඩු වී තිබෙන බවත් අබේසිංහ මහතා කීය.
මෙම මස 12 දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී මෙම මුදල 12 හා 13 දෙදින තුළ ලබාදෙන බවට බලධාරීන් ප්‍රකාශ කර තිබෙන බවත් එම දිනවලදී ඔවුන්ට මුදල් ලබා දීමට නොහැකි වුවහොත් එහි අපවාදය විඳින්නට සිදුවන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවත් හෙතෙම අවධාරණය කළේය.
පසුගිය යහ පාලන රජයට කඩේ ගිය ඇතැම් නිලධාරීන් අද ටයි පටියේ පාට මාරුකර ඒ පුටු වලම රැඳී සිටින බවත් ඔවුන් වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සැළසුම් සහගතව ක්‍රියාත්මක වන බවත් කී ඒ මහතා ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙය තේරුම් ගත යුතුව තිබෙන බවද ප්‍රකාශ කළේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -