32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කුරුණෑගල සිට තිස්සමහාරාමයට කොවිඩ් එයි

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ සිට තිස්සමහාරාමය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක් වෙත පැමිණි පිරිසකගේ ආශ්‍රිතයින් 24 දෙනෙකු මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාප්තවෙමින් පවතින බවට සැකපළ වී ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය උත්පල සංකල්ප මහතා පවසයි.

මීට අමතරව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ, “කොවිඩ් තුන්වන රැල්ල දිවුලපිටිය ප්‍රදේශයේ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීගෙන යනවා කියලා අපිට පෙනී යනවා. ඇන්ටිජන් පරීක්ෂණ වලින් රෝගීන් 14ක් හමුවුණා. 20වැනිදා කරපු PCR පරීක්ෂණ වලින් රෝගීන් 12දෙනෙක් හමු වුණා. රෝගීන් 35ක් දිවුලපිටිය කොට්ඨාශය තුළ වාර්තා වී තිබෙනවා. මේ වන විට පවුල් 90ක් විතර නිරෝධායනයට ලක් කරලා තියෙනා ඒ අතර 200ක් පමණ පුද්ගලයෝ ඉන්නවා. 150ක් පමණ පවුල් නිරෝධායනය කරන්න සිද්ධ වෙයි මේ යන පිළිවෙල අනුව” යනුවෙනි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -