32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ඉන්දියාවේ ඛේදවාචකයක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...
NEW DELHI, INDIA

කොවිඩ් ගෝලීය වසංගතය මේ වනවිට වඩාත් ප්‍රබල වී තිබෙන අතර ගෙවුණු දිනයේ ලොව පුරා ආසාදිතයින් 894,099 ක තරම් වැඩි අගයක් වාර්තා විය.

ඉන් ආසාදිතයින්  345,000 ඉක්මවා වාර්තා වී තිබුණේ වසංගතයේ උපරිම පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙනි.

මීට සති 6කට පෙරාතුව ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා පැවසූ පරිදිම, ඉන්දියාව දැන් කොවිඩ් වසංගතයේ අතිශය මාරාන්තික මාවතක් කරා එළෙඹ සිටී.

ඒ ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 345,147 ක් වාර්තා වූ පසුබිමකය.

එක් දිනකදී එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ද එය වේ.

වර්තමානය වනවිට ඉන්දියාව මුහුණදී සිටින භයානක තත්ත්වය ගැන දැන් එරට දේශපාලන අධිකාරියට එල්ලවී ඇත්තේ ප්‍රබල චෝදනාවකි.

දේශපාලන බලය ඉල්ලා පසුගිය කාලයේදී රට පුරා දහස් ගණනින් රැස්කර මැතිවරණ රැළි පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒ සමගින් දැඩි ජනතා අප්‍රසාදයකට පත්ව සිටින බව නොරහසකි.

ජනතාව තමන් තුළ වූ බලවත් අප්‍රසාදය සමාජ මාධ්‍ය ඔස්සේ එළිදක්වන්නේ, “හෑෂ්ටැග් මෝදි ඉල්ලා අස්වෙන්න, සුපිරි පතුරුවන්නා මෝදි හා ඉන්දියාව අසාර්ථක කළේ කවුද?” වැනි ප්‍රකාශ සටහන් තබමිනි.

ගෙවුණු කාලසීමාවේ කොවිඩ් එන්නත්කරණයේදී ඉන්දියාව අත්කරගත් සාර්ථකත්වයෙන් ප්‍රමෝදයට පත්ව සිටි අගමැතිවරයාට දැන් ජනතාවගේ දැඩි විරෝධී ආකල්ප හමුවේ කොවිඩ් සීමා දැඩිකිරීමේ තීන්දු කරා එළඹීමට සිදුව තිබේ.

ගෙවුණු සතියේදී ලෝකයේ වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 28ක්ම වාර්තාවී තිබුණේ ඉන්දියාවෙනි.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -