32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගත්තේ නීතිපති දෙපාර්තුමේන්තුව සහ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන පොලීසිය ඇතුළු ආයතන මගින්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනීමට තීරණය කරනු ලැබ තිබෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව සහ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන පොලීසිය ඇතුළු ආයතන මිස ජනපති හෝ කැබිනට් මණ්ඩලය නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය,රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
පසුගිය රජය සමයේ මෙන් වත්මන් රජය අත්අඩංගුවට ගන්නේ කවුද කවද්ද යන්න අරලිය ගහ මන්දිරයේදී තීරණය නොකරන බවත් එය සම්පූර්ණයෙන්ම පොලීසිය ඇතුළු අපරාධ සම්බන්ධව පරීක්ෂණ කරන කණ්ඩායම් විසින් සිදුකරන බවත් ඒ මහතා කීය.
මහනුවරදී 24 වනදා පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙයට මාස කිහිපයකට පෙර රිෂාඩ්,හකීම්,රිෂාඩ්ගේ සහෝදරයා,කුරුණෑගල දොස්තර අත්අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ වුවත් අරලිය ගහ මන්දිරයේ එදා ක්‍රියාත්මක වූ ක්‍රමයට කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට වත්මන් රජය කටයුතු නොකළ බවත් ඒ මහතා කීය.
එදා රනිල්,චම්පික,අනුරකුමාර,රාජිත ඇතුළු පිරිස අරලිය ගහ මැදුරට පැමිණ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුත් ගෙන්වාගෙන අද කවුද අද අත්අඩංගුවට ගන්නේ කියා සාකච්ඡා කර ක්‍රියාත්මක වූ ක්‍රමයට වත්මන් ආණ්ඩුවත් ක්‍රියාකරනු ඇතැයි ඇතමුන් සිතුවත් රජය පොලීස් පරීක්ෂණ වලට කිසිදු බලපෑමක් නොකර අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වාධීන කර තිබෙන බවද හෙතෙම කීවේය.
නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව හෝ විධායක ජනපතිවරයා විසින් නීතියට පිටින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කිසිදු බලපෑමක් නොකරන බවත් රිෂාඩ් අත්අඩංගුවට ගන්නා ලෙස කළක පටන් හඬ නැගුවත් නීතියට පිටින් ගොස් එවැන්නක් සිදු නොවුණු බවත් කී ඇමැතිවරයා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කතානායකවරයා දැනුම්වත් නොකර නම් ඒ සම්බන්ධ වගකීම අදාළ ආයතන වලට පැවරෙන බවද අවධාරණය කළේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -