32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

කොවිඩ් නීති නොතකා කළ නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන පරීක්ෂණයක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

කොවිඩ් පාලන සෞඛ්‍ය උපදෙස් නොතකමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ග්‍රෙගරි වැව ආශ්‍රිතව පෙරේදා (25) වසන්ත උදානයට සමගාමීව පවත්වා තිබෙන සිංහල හා හින්දු අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මධ්‍යම පළාතේ පාළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

මෙම අවුරුදු උත්සවය නුවරඑළිය නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) දිනය පුරා පවත්වා ඇත.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකරමින් අවුරුදු ක්‍රීඩා ගණනාවක් මෙහිදී පවත්වා තිබෙන බවට ලැබුණු පැමිණිලි මත ආණ්ඩුකාරවරයා අදාළ තීරණය ගෙන තිබේ.

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙස දැනුම් දී තිබියදී නුවරඑළිය නගරසභාව එම උපදෙස් වලට පටහැනිව කටයුුතු කරමින් අවුරුදු උත්සයක් පවත්වා තිබෙන බවත් වසන්ත උදානයටද සංචාරකයින් සීමා නොකර සහභාගි කරවාගෙන තිබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීය.

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සයෙට සහභාගි වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමඟ මත්පැන් මිලිලිටර් 175 බෝතලයක් ලබා දි ඇති බවටද තමන්ට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධවද සොයා බැලීමක් කරන බවත් ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධව විමසීමට නුවරඑළිය නගරාධිපතිවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් ඔහු දුරකතනය හා සම්බන්ධ වූයේ නැත.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -