32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කටයුතු දින තුනකට නවතයි

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කටයුතු දින තුනක කාලයකට වසා දැමීමත් සමග 26 දින උදෑසන වන විට ආර්ථික මධ්‍යස්ථානය දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි .

එමෙන්ම ඇතැම් ගොවිමහතුන් තම නිෂ්පාදන මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. තම අස්වනු රැගෙන නැවත ගොවීබිම් බලා පිටත් වන බව ගොවින් පැවසුහ

ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටින ඇතැම් කම්කරුවන් නිසි සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටි අයුරුද 26 උදෑසන වන විට දැක ගැනීමටට හැකි වීම තවත් විශේෂත්වයකි.

25 දින වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 48 දෙනෙකු කෝවිඩ් වෛරසය ශරීරගත වූවන් ලෙස හඳුන්වාගෙන ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා රැසක් 26 දින දහවල් වන විට ලැබීමට තිබිණ බව මාතලේ වසංගත රෝග වේද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ජනතාව දැනුවත් වීම ඉතා වැදගත් බවද තමන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් අවධානය යොමුකොට නොසිටියහොත් දඹුල්ල සහ මාතලේ දිස්තීක්කයේ රෝගය පැතිරීම වැඩි විය හැකි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

කෙසේවෙතත් දඹුල්ල නගර මධ්‍යයේ 26 දින උදෑසන පෞද්ගලික සහ ලංගම බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් මෙන්ම ඇතැම් මගින්ද මුව ආවරණ නොමැතිව අනාරක්ෂිත ආකාරයෙන් බස් රථ වල මෙන්ම නගරයේ සැරිසරමින්න අයුරු ද අපට දැක ගැනීමටට හැකි විය.

ෛවද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියාසිටියේ මෙම ජනතාව දැනුවත් කිරීමේ නව වැඩ වැඩසටහන් රැසක් මාතලේ දී ක්‍රියාත්මක විය යුතු බව ය එය නොකළහොත් ඉදිරියේදදිරියේදී මාතලේ දිස්ත්‍රික්කයේ පැතිරීම වැළැක්වීමට නොහැකි තත්වයක් මතුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

26 දින වන විට වෛරසය ශරීරගත වූ පුද්ගලයන් මාතලේ දිස්තීක්කය පුරා 1507 දෙනෙකු වාර්තා වී තිබෙන බවය. ගෙවී ගිය දෙසතිය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ වෛරසය ශරීරගත වූවන් 228 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියා කිටියේ රජය එන්නත් කරණයේදී රටේ ආහාර බෙදා හරින දඹුල්ල අමතක කල බවය .දඹුල්ල වසා දැමීම තුලින් රජයේ ආයතන ,බන්ධනාගාර ,ත්‍රිවිද හමුදා පොලිසි හා රෝහල් වලට අවශ්‍ය එළවලු සැපයීම අඩාල වන බවය .

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -