32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

රන්ජන්ට ජනපති සමව ගන්න කටයුතුකරමින් ඉන්නේ- පාර්ලිමෙන්තුමන්ත්‍රී තිස්ස අත්තනායක

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

අගුනුකොලපැලැස්ස රක්ෂිත බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව සමගිජන බලවේගයේ පාර්ලිමෙන්තුමන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශකලේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සදහා 28 පෙරවරුවේ අගුනුකොලපලැස්ස රක්ෂිත බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමෙන්තුමන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ” රන්ජන් රාමනායක මහතා ඉතා හොදින් ඉන්නවා.නමුත් ඔහු අපේක්ෂා කරනවා ඉතා ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා.ඉතින් අපිත් ඒ ගැන සාකච්චා කරලා තියෙනවා පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක ඒ අනුව විපක්ෂ නායක තුමා ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරලා ඔහුට ජනාධිපති සමාව ලබාදෙන්න කියලා.ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු ටික සහ ලියකියවිලි කටයුතු ටික කරනවා.ඒ පිලිබදව අද ඔහුට දැනුම් දුන්නා.ඉතින් ඔහු දැන් ඒ පිලිබදව බලාපොරොත්තු සහගතව ඉන්නවා.අපි විශ්වාස කරනවා ඔහුට ජනාධිපති සමාව ලැබේවි කියලා. මොකද හේතුව විපක්ෂ නායකතුමා ජනාධිපති තුමාගෙන් ඉල්ලපු ඉල්ලීමට එකගත්වයකට පත්වෙලා තියෙනවා”

” එමෙන්ම අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන්න කියලයි ජනාධිපතිතුමා කියලා තිබුනේ.මොකද විශේෂයෙන් අපි ඒක ඉල්ලන්න හේතුවක් තිබෙනවා.රන්ජන් රාමනායක මහතා සිරගතවෙලා ඉන්නේ රටේ අපරාධයක් කරලා නෙමෙයි.විශේෂයෙන්ම මංකොල්ල කාලා ,හොරකම් කරලා ,ස්ත්‍රී දූෂණයක් කරලා නෙමෙයි.ඔහු සිරගත උනේ අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව යටතේ.එතකොට අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාවට නිශ්චිත දඩුවමක් අපේ නීති පොතේ නැහැ.එතකොට නීතිපොතේ නැති දඩුවමක් තමයි ශ්‍රේෂ්ටාධිකරණය ලබාදුන්නේ ඒ වරදට දඩුවමක් විදියට.ඒ නිසා අපි කියන්නේ නිශ්චිතව දඩුවමක් නියම නොකර තිබෙන අවස්තාවක ලෝක පූර්වාදර්ෂත් සලකලා ඔහුට දුන්න දඩුවම බරපතල වැඩියි කියලා.ඔහු දැන් මාස 04 ක් විතර සිර දඩුවම් විදිනවා.ඉතින් ඒ නිසා ඔහුට ජනාධිපති සමාවක් දීම ඉතාමත්ම සාධාරණයි.”

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -