32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ඕස්ට්‍රේලියානු බලධාරීන් වෛද්‍ය උපුල් හේවා පිළිබඳව පරීක්‍ෂණ අරඹයි

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

රූපවාහිනී රියැලිටි ගුරුවරයෙකු වූ   නිරන්ත එදිරිසිංහ නම් පුද්ගලයෙකු සමග එක්වී බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කිරීම පිලිබඳව චෝදනා ලබා තිබෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා නම් පුද්ගලයා සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු ළමා කාම අපරාධ පිලිබඳ බියුරෝව සහ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුනු ඔත්තුවකට අනුව කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකළ මූලික විමර්ශන වලින් පසුව රුපවාහිනී ළමා රියැලිටි වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති  පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නම් අයෙකු  ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබීය.  මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගත් සීඩී තැටි වල  දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත.  

මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහවිසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගනනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය. මොවුන් දෙදෙනා එකතු වී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ පිලිබඳව අප විසින් කල විමසුමකදී ඕස්ට්‍රේලියානු පොලිසියේ නිලධාරියෙකු සනාත කලේ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව සහ ඕස්ට්‍රේලියානු ළමා කාම අපරාධ පිලිබඳ බියුරෝව වෛද්‍ය උපුල් හේවා සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ ආරම් භ කොට ඇති බවත් සහ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බවත් ය. මේ දක්වා ශ්‍රී ලාංකික බලධාරීන් අත්‍යාවශ්‍ය තොරතුරු ලබා නොදීම නිසා පරීක්‍ෂණ වල ප්‍රමාදයක් තිබෙන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය තව දුරටත් සඳහන් කරයි.

නිලක්‍ෂි පෙරේරා

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -