32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

ලෝක පරිසර දිනයේ වළගම්බා රජ දවසේ ඉදිවූ බව කියන ඒදඩු කොටේ වැවේ වැව් බැම්මේ සියලු ගස් ගලවා විනාශ කොට වැව් බැම්ම ඩෝසර් කරලා

Must Read

ලෝක පරිසර දිනයදා  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබූ වලළගම්බා රජ දවස ඉදි වූ බව කියන ඒදඬු කොටේ  වැවේ  වැව් බැම්මේ ඇති  වටිනා ගස්  වැල් ඩෝසර් දමා විනාශ කොට වැව් බැම්ම කපා ඉඩම් අල්ලා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 ලෝක පරිසර දිනය දා උදෑසන සිට මෙම මහා පරිසර විනාශය සිදුවෙමින් තිබියදී ප්‍රදේශ්වාසීන් අවස්ථා ගණනාවක සිටම වැව අයිති  දඹුල්ල ගොව්ජන සේවා  නිලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු අයෙකු පැමිණ මෙම විනාසය නවතා නොදැමූ බවත් බැරිම තැන ප්‍රදේශවාසීන් මෙම මහා අපරාධය පිළිබඳව ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන්ට දැනුම් දුන් බව  ප්‍රදේශවාසීන් පවසති.

 ලෝක පරිසර දිනය දවසේ පස්වරුවේ මෙම ඒදණ්ඩ කොටේ වැව අසලට ගිය අපට දැක ගැනීමටට හැකි වූයේ පෙර රජ දවස ඉදි කරන ලද ඓතිහාසික වැව් බැම්මේ තිබුණු ඉතා  වටිනා මහා වනස්පතියන්  යන්ත්‍රසූත්‍ර දමා කුඩුපට්ටම් කොට ඒවායේ මුල් පවා ගල්වා විනාශ කර ඇති ආකාරයයයි .එමෙන්ම මෙම ඓතිහාසික වැව් බැම්ම ද ඩෝසර් දමා කපා ඉඩම බවට පත්කොට ඇති අයුරුද දැක ගැනීමට හැකි විය.

  ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ඓතිහාසික වැව අවස්ථා කීපයකම වතුර පිරි කඩා ගෙන ගිය බවත් ඉතා සූක්ෂම ලෙස විවිධ පුද්ගලයින් මේ වන විට වැව අත්පත් කර ගෙන ගොවිතැන් කරන බවය

අවසානයේදී ඉතා සීමිතව ඉතුරු වී ඇති වැව ඇතැම් කණ්ඩායම් අත්පත් කර ගැනීම සිදුකරන බවත් අවසානයේදී වැව සඳහා ඉතිරි වී තිබූ වැව් බැම්ම ද මේ ආකාරයෙන් අත්පත්  කරන බවය

 මෙම මහා විනාශය පිළිබඳව බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉතා ඉතා ඉපැරණි ගස්කොළන් මේ ආකාරයෙන් විනාශ කොට දැමීම මහා අපරාධයක් බවත් ලෝක පරිසර දිනයේ ගස් හිටවනවා   වෙනුවට මෙයාකාරයෙන් ස්වභාවධර්මයෙන් දායාද වූ විශාල ගස් කොළන් වැල් ඖෂධ ගස් විනාශ කිරීම මහා අපරාධයක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 මෙම වැව් යටතේ ඇති ගොවි සංවිධානයේ නියෝජිතයෙකු ද අප සමගඟ මෙම ගමනට එක්වූ අතර ඔහු කියා සිටියේ ද මෙවැනි මහා විනාශයක් සිදු වීම පිළිබඳව අඩුම තරමේ ගොවි සංවිධානය හෝ නොදැනුවත්ව සිදුවන බවය .මේවැව පිළිසකර කර ගැනීම සදහා අවස්ථා  ගණනාවක්  වැවේ  හිමිකාරීත්වය පවතින දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට දැනුම් දී තිබෙනු ද කිසිදු අවධානයක් යොමු නොවූ බව එම  නියෝජිතයා කියන්නට විය.  මෙම මහා විනාශය පිළිබඳව දඹුල්ල ගොවිජන සේවා කාර්යාලය  ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරී සම්පත් කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම විනාශය පිළිබඳව තමන් ලෝක  පරිසර දිනය දා පස්වරු පහයි තිහ වනවිට  ජනමාධ්‍යවේදීන්  විමසීම් කරන තුරුම තමා එය නොදන්නා බවද හෙතෙම සඳහන් කළේය .වහාම ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බවද ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරි වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img