32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

රටේම කුණු දඹුල්ල ඉල්ලයි

Must Read

  සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසල දඹුල්ල මහා නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පෝර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධගරාධිපති ජාලිය ඕපාත මහතා 14 දින පස්වරුවේ  පැවසීය

දඹුල්ල මහ නගර සභාව මගින් වසර ගණනාවක් සිට ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිපදවන බවත් කාබනික පොහොර ඉල්ලුමේ හැටියට සපයාගැනීමට නොහැකිව පවතින නිසා  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නගරාධිපතිව නගරාධිපතිවරයා මේ ඉල්ලීම කළේය

 මේ වන විට පළාත් පාලන ආයතන  9ක පමණ ඉවත ලන කුණු කසල දඹුල්ල මහනගර සභාවේ කාබනික පොහොර අංගනයට ලැබෙන බවද

 විශාල කාබනික පොහොර ඉල්ලුම්ක් පැවතීම හේතුවෙන් තමන්ට ඉල්ලුම ලෙස සැපයුම් ලබාදීමට තරම් කුණු කසල  නොලැබීම බරපතළ ප්‍රශ්නයක් බවද පෙන්වා දුන් අතර  එම නිසා දිවයිනේ  ඕනෑම ප්‍රදේශයකින් කුණු කසළ තම අංගනයට ගෙන්විත්  භාර දෙන්නේ නම් ඒ සියල්ල බාරගැනීමට සූදානමින් සිටින බවත් කුණු ප්‍රශ්න වලින්  හෙම්බත්ව සිටින සිටින එයට විසඳුමක් නැති නගර සභා මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට තමන් කසල ගෙනත් දෙන්න යි ආරාධනා කැයි ආරාධනා කරන බව සඳහන් කළේය

මේ වන විට දඹුල්ල නගර සභාව දිගම්පතහ    ප්‍රදේශයේ   කාබනික පොහොර නිපදවන ස්ථානය ඉතා අලංකාරව කඩිනමින් පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වන බවද නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 ජපන් තාක්ෂනය ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් සිදු  කරන පොහොර  නිෂ්පාදනය වසසර ගණනාවක් තිස්සේ ඉතා සාර්ථකව දඹුල්ල මහ නගර සභාව මගින් සිදුකර ගෙන එන බවත් ඉදිරියේදී ඕනෑතරම් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල තම මහ නගර සභාව සතුව පවතින බවත් ඒ මහතා පැවසීය.

දඹුල්ල දිගම්පතහා රජයේ රක්ෂිතයේ වන අලින්ගෙන් ගහනව කුණු කසල බැහැර කරන කසල අංගනයක් බවට පත්ව තිබූ ස්ථානයමේ වන විට  ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් බවට පත්ව තිබේ

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ගේ මැදිහත්වීම මත ජපන් තාක්ෂණයෙන් යුතුව මෙම ස්ථානයේ ස්ථාපිත කොට ඇති පොහොර නිෂ්පාදනාගාරය තුලින් ප්‍රදේශයේ පමණක් නොව විවිධ පළාත්වල ගොවීන්ට කාබනික පොහොර අලෙවි කිරීම සිදු කෙරෙන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය

 මෙම ස්ථානය විශාල සේවක සේවිකාවන් පිරිස්කගේ රැකියා ස්ථීර භාවය ලබාදීම මෙහි නිතර නිතර ඉවත් ලන දේ ආහාරයට ගැනීම සඳහා පැමිණිෙමින් සිටින වන අලින් 25ක පමණ කණ්ඩායමට පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය වලින් තොර එළවළු සහ පළතුරු ලබා දීමද මෙම ව්‍යාපෘතිය යටතේ ම සිදුකරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය

 මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නමයකින් රැගෙන එන ඉවත් ලන ද්‍රව්‍ය මෙම ස්ථානයේ සිට කාබනික පොහොර බවට පත් කරමින් එහි ගුණාත්මක  භාවය වැඩි කොට පෞද්ගලික ආයතනයක් සමග එක්ව කාබනික පොහොර නිෂ්පාදනය යුහුසුළුව සිදුකරමින් සිටින බවක් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

දිවයිනේ කසල ප්‍රශ්නයට මෙසේ විසඳුම් ලබාදීම සඳහා දඹුල්ල මහ  නගර සභාවට හැකි වී තිබෙන බවත් මෙම  අංගනය පුළුල් කළ හොත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින ඉවතලන කුණු කසළ ගෙනැවිත් රටේ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම පහසුකම දැනුම දඹුල්ල මහ නගර සභාව සතුව තිබෙන බව නගරාධිපතිවරයා වැඩිදුරටත් මේ දී සඳහන් කළේය.

 පසුගිය කාලයේ මෙම ස්ථානය කසල සුසානයක් බවට පත්ව තිබියදී දඹුල්ල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් මෙම පරිසර විනාසය වන සතුන් විනාශය පිළිබඳව අවධානය යොමු කොට  ජනමාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබාදීම සිදුකළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජපානයේ  තාක්ෂණයෙන් යුතුව මෙම කසළ අංගනය දඹුල්ලට  ලබා ගැනීමට මූලික දායකත්වය ලැබුණු බව නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙහිදී සඳහන් කළේය.

සංචාරක ආකර්ෂණයක් ඇති සිගිරි පිදුරංගල රන්ගිරි දඹුල්ල හා කන්දලම කදු පන්ති එකම ස්ථානයකට දර්ශනය වන මේ ස්ථානය සංචාරක ප්‍රවර්ධන ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මේ දිනවල සිදුකරමින් පවතින බවද පැවසිය .

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img