32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

අන්තර්ජාල පහසුකම් සොයා වන අලින් ගැවසෙන මහා වනයේ වන වදින් කලාවැවේ දරුවො

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

සිය  අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා මේ දිනවල සිදු කෙරෙන නිසා කලා වැව දියවර ගම්මානයේ  බොහෝ දරුවන්ට අන්තර්ජාල සංඥා පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු  සිදුකර සිදුකරගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබ්කට ගමන් කිරීම්ට සිදුවී ඇති දෙමාපියෝ පවසති .

 නිවෙස් වල සිට විශාල දුර ප්‍රමාණයක් ගෙවා මෙම දුවා දරුවෝ මෙන්ම එම ප්‍රදේශයේ සිට පාසල් දරුවන්ට අන්තර්ජාල හරහා  ඉගැන්වීම් කරවන ගුරුවරුන්ට ද මෙම වන ලැහැබ්ට පැමිණ ඉගැන්වීම් කටයුතු මෙන්ම ඉගෙන ගැනීම්ට සිදුව වීම නිසා බරපතළල හානි රැසකට මුහුණ පා ඇතැයි ඔවුහු පවසති

එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වල හෙබි පවුල්වල දරුවන්ට අන්තර්ජාල  පහසුකම් ලබා ගත හැකි දුරකථන නොමැති නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වූ පිරිස් ද මෙහි සිටින බව ජනතාව පවසති.

 මෙම ස්ථානයට පැමිණිෙන කුඩා දුවා දරුවන්  එක දුරකථනයකින් තුන් හතර දෙනා ඒකරාශී වී සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයද දැක ගැනීමට හැකි විය.

 කලාවැව ඉස්මත්තේ ඇති මෙම වන ලැහැබ තුළ පස්වරුව වනවිට අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී  ඇත්තේ නිරන්තරයෙන් වන අලින් මෙම ප්‍රදේශයේ ගැවසෙන නිසා බව එම දරුවෝ අප සමග පැවසූහ .ඇතැම් උසස් අධ්‍යාපනය කරන දුවාදරුවන් රාත්‍රී කාලයේ මෙම වන ලැහැබට දෙමාපියන් සමග පැමිණ මදුරු දැල් ගස් වල එල්ලාගෙන විදුලි පන්දම් එළියෙන් සිය අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන්නේ ජිවිත අවධානමක්ද ලබාගෙන  බවද එම සිසු සිසුවියෝ පැවසූහ.

 තම ගම්මාන සඳහා දුරකථන සංඥා කුළුණක් ලබා දෙන දෙන ලෙස ප්‍රදේශ යේ දේශපාලන අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැතැයි එම පාසල් දුවා දරුවෝ  ලිපි පෙන්වමින් පැවසූහ.

 ඇතැම් කුඩා දරුවන් මේ  වන තුරුත් කිසිදු අධ්‍යාපනයක්  නොලබා සෙසු මිතුරු මිතුරියන් ගේ ජංගම දුරකථන හරහා අධ්‍යාපනය ලබන දෙස බලා දැඩි දුක් මුසු ව සිටින සංවේදී දසුන් රැසක්ද  ද කලා වැව වැව් ඉස්මත්තේ අපට දැක ගැනීමට හැකි විය.

 මෙම දුවා දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ කලා වැව ඉස්මත්තට පැමිණීමේදී පිටස්තරයකු පුද්ගලයන් පැමිණෙන විවිධ දුරාචාර වැඩවල නිරතවන බව ය එම නිසා තම දුවා දරුවන් තනි පන්දලමේ මෙම වන මැදට කලා වැව ඉස්මත්තට එවීමට නොහැකි බවද ඔවුහු පවසති.එමෙන්ම වන අලි නිසා දෙමාපියන් වනය වටේ රැකවල් යොදාගෙන සිටිය යුතු බව කියති .

මේ ස්ථානයේ විශාල දරුවන් පිරිසක් ගැවසීම නිසා පවතින කොවිඩ් අවධානමක්ද ඇති බව පෙන්වා දෙති .

 එම ප්‍රදේශයේ සිටින පාසල් ගුරු භවතුන් ද තම දුර බැහැර සිටින දරුවන්ට  අන්තර්ජාල හරහා  ඉගැන්වීම් කටයුතු සිදු කරන ආකාරය ද අපට දැක  ගැනීමට හැකි විය

 ගුරුවරියක තම ජංගම දුරකථනය කම්බියකින් ගස්ක එල්ලා ඇය එම ස්ථානයේ පැය ගණනාවක් සිට ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අයුරු ද දැක ගැනීමට හැකි විය

එම ගුරු මාතාව සිදු කරන කැපකිරීම ද අතිශය ශෝකජනකය මන්ද පැය ගණනාවක් එකම ඉරියව්වෙන් හිටගෙන අධික සුළං දාර මත  දරුවන්ට පාඩම් කියා දීම දරුවන්ට ශ්‍රවණය බාධා එල්ල වන බවත් එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය .කලාවැව හරහා හමා යන අධික සුළං ධාරා නිසා නිසි ලෙස එම පාඩම් ශ්‍රවණය නොවීමද බරපතල ප්‍රශ්නයක් බව පවසමින් ගුරුවරිය දරුවන්  ශක්තිමත් කරන්නීය .

කලාවවැව ධාතුසේන පුර දියවර ගම්මාන ජනතාව සිසු සිසුවියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අධ්‍යාපනය ලැබීම සඳහා දුරකථන සංඥා ලබා ගැනීමට පහසුකම් ලබා දෙන ලෙසය

අධ්‍යාපනය  නොලබන දුවා දරුවන් සඳහා ජංගම දුරකථන හෝ  තාක්ෂණ ක්‍රමවේදයක් සකසා දෙන ලෙසය. අසරණ   දුවා දරුවන් මෙම ස්ථානයේ අනෙක් දරුවන් අධ්‍යාපනය ලබන දෙස බලා සුසුම් හෙලන දසුන් එහෙම ස්ථානයට   ගිය අපට ද දැඩි කම්පනයට පත්වූහ

මෙම ගම්මානයේ දමිළ මුස්ලිම් සිංහල යන ජනවර්ග තුනම එකට වාසය කිරීම එකට අධ්‍යාපනය ලබාගැනීම ද විශේෂත්වයකි.මේ  ස්ථානයේ සිංහල දරුවන් සමග ඉගෙනුම ලබන මුස්ලිම් දැරියකගේ මවක්  කියා සිටියේ සිංහල දරුවන්ගේ ජංගම දුරකථනයේ ආධාරයෙන් තම දියණිය අධ්‍යාපනය ලබන බව ය. පවතින ආර්ථික දුෂ්කරතාවය නිසා දුරකථනයක් මිලදී ගැනීම්ට හෝ වත්කමක් නැති බවත් එම මව කීවාය .

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -